spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අස්සේ අසරණ වු පොලිස් පොඩ්ඩන්ගේ ඛේදවාචකය …..

Must read

1584675938-curfew_L( 12.30 pm ) පසුගිය දිනක අප ගමන් ගත් මෝටර් රථය පාර අද්දර සිටි තනි පොලිස් නිළධාරියෙකු විසින් නවත්වන්නට සන් කලේය. අපි අපේ මාධ්‍ය හැදුනුම්පත් රථයේ විදුරුව විවෘත නොකරම පෙන්වා සිටියෙමු. එහෙත් ඔහු මා සිටි රියදුරු අසුන පැත්තේ වීදුරුව පාත්කරන ලෙස ඉල්ලා සිටියේය.
අඩක් විවර වු විදුරු තුලින් අපි යළිත් අපේ නියෝජනය කරන මාධ්‍ය ආයතන කිපය ගැන ඔහු දැනුවත් කළෙමු.
නෑ මහත්තයා ඒක ගැන නෙමේ අපි ගැන ලියන්න බැරිද ?ඔහුගේ බිදුන ස්වරය කුල ලොකු කථාවක් ගැබ්ව තිබුණි.
අපි දැන් දිගටම පාරේ ඩියුටි, කිසි ආරක්ෂාවක් නැ.කොරෝනා වෛරසයෙන් බේරෙන්න කියල අවශ්‍ය පහසුකම් සපයලත් නැ .දැන් පේනවනේ නාවික හමුදාවේ අයට වෙලා තියෙන දේ….
සැබැවකි.
මේ පොලිස් පොඩ්ඩන් දිනකට කියක් නම් වාහන නතර කරනවා ඇතිද ? ඒ්වායේ ඇති ඇදිරි නිති බලපත්‍ර කියක් නම් පරික්ෂා කරනවා ඇතිද ? එහෙත් ඒ සියළු පරික්ෂාවන්ගෙන් පසු අත්සෝදා ගැනිමටත් ප්‍රමාණවත් විෂබිජනාශක එවැනි මුරකපොලු වල තිබුන බවක් නම් නොදිටිමු.
මේ බොහොමයක් දෙනා යළිත් සිය නිවෙස් කර යනවා ඇත්තේද ඒ ඇදුම් පිටින්ම විය යුුතුය.
ඉතින් ආනාරක්ෂිත කමේ තරම එයින්ම කියා පායි.
රජය විසින් පළමුවෙන්ම රැක ගතයුතුව ඇත්තේ ජනතාව හා සෟජුවම ගණුදෙනු කරන සේවාවන්හි නියැලි සිටින කොටස්ය.ඒ අයට අවැසි සියළු පහසුකම් විධිමත් ලෙසින් සැපයිමට අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article