spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජන ජීවිතය ගැසට් එකකින් යථා තත්වයට පත්කිරිම ???

Must read

1588211153-Ajith_Rohana_L( 1.15 pm ) ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පවසා ඇතැයි දිනමිණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් එහි සදහන්ය.
රජය මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අදාල කටයුතු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට මේ වන විටත් වගකීම් පවරා ඇති බව සදහන් වේ.
පෙරවරු 10.00 ට පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු අතර සේවයට කැදවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති අතර අදාල කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
මේ අතර දැනටමත් රට මුහුණ දි ඇති තත්වය හමුවේ ජනජිවිතය යථා තත්වයට පත්කිරිම සදහා ජන සංසරණය ලිහිල් කිරිම කිනම් ප්‍රථිපලයක් මේ පසුබිම තුල සමාජයට මුදාහරිවිදැයි යන සැකයද බහුතරයක් දෙනා අතර පවති.
එයට ප්‍රධාන හේතුවක් වි ඇති සැලැසුම් නැති රජයකට විනයගත සැලැස්මක් ක්‍රියාත්මක කළ හැක්කේද යනුවෙන් දැනටමත් මතුව ඇති ප්‍රශ්ණයද නිසාය.
රටේ දේශපාලන නායකයන් බහුතරයක් වැඩකරන්නේ පිස්සන්ට හැතැම්ම නැති ගානටය.
එවන් රටකට විනයක් හදනු බොරුය.

මුලාශ්‍රය – දිණමිණ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article