spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා මරණ, ආසාදිතයින් හා පරීක්ෂණ නිල වාර්තා ගැන බරපතල සැකයක්! – ‘සමගි ජන බලවේගය’ සැබෑ තොරතුරු ඉල්ලයි.

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 9.00 am ) කෝවිඩි 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරනතොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.එම පක්ෂය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, කොරෝනා වසංගත තත්වය තත්වය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල සැකයක් මතුකරමින් තිබිය දිය.ආණ්ඩුවේ බලධාරීන් එකිනෙකට පරස්පරව නිකුත් කරන ප්‍රකාශ එවැනි සාධාරණ සැකයක් මතු කිරීමට හේතු වී ඇත.

කොරෝනා තත්වයන් ගැන සැබෑ තොරතුරු වසන් කිරීම කොරෝනා ආරම්භක චීනයේ පවා සිදුවුවකි. නව කොරොන වසංගතය චීනයෙහි ආරම්භ වූ අවස්ථාවෙහි චීන බලධාරීන් උත්සාහ කළේ එය රහසිගතව තබා ගැනීමට ය.

කීර්තිමත් ජාත්‍යන්තර සංවිධානයක් වන  “දේශසීමා රහිත වාර්තාකරුවෝ” (Reporters Without Borders -RSF) පෙන්වා දී ඇති පරිදි රෝගය පැතිරීමට පටත් ගත් අවස්ථාවෙහි චීන බලධාරීහු ඒ පිළිබද එරට සමාජ ජාලාවන්හි සාකච්ජා කිරීමට බැරිවන ලෙස තහංචි පැනවූහ.

රෝගය ගැන අනතුරු හැඟවීමක් බෙදා ගත් වෛද්‍යවරුන් අට දෙනෙකුට දඩුවම් කරන ලද අතර එම තොරතුරු ජනමාධ්‍ය අතට පත්වීම තහනම් කරන ලදී.

විශේෂයෙන් කොරෝනා වලින් හමුදාවන්ට සිදුවන හානිය ‘පෙන්ටගනය’ පවා වසංකරමින් සිටියි. විදෙස් ආරංචිමාර්ග පවසන්නේ, කොරෝනා වලින් මියයන හමුදා සාමාජිකයින් ගැන කිසිඳු තොරතුරක් මාධ්‍යට ලබා නොදෙන ලෙස ‘පෙන්ටගනය’ විසින් නියෝගකර ඇති බවයි.(An Unhealthy Military Is Struggling to Fight COVID-19)

ජාසිංහ මහත්තයෝ මේවට උත්තර දෙන්න?

corona dead in lanka

කොරෝනා සම්බන්ධයෙන් රජයේ බලධාරීන් හා විශේෂයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් වරින්වර නිකුත්කරන නිවේදන සම්බන්ධයෙන් මේවනවිට ජනතාව තුල අවිශ්වාසයක් ගොඩනැගෙමින් තිබිය දී, ‘සමගි ජන බලවේගය’ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ඉල්ලා ඇත්තේ පහත තොරතුරු ලබාදෙන ලෙසයි.

  1. කෝවිඩි  වෛරසය හඳුනා ගැනීමට මේ වන විට සිදු කොට ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව.
  2. එම පරීක්ෂණ තුළින් හදුනා ගත් ආසාදිත රෝගී සංඛ්‍යාව.
  3. එම පරීක්ෂණ සිදු කළ ස්ථාන සහ සිදු කළ දිනයන්.
  4. නිරෝධායන කඳවුරු තුළ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ හදුනා ගත් රෝගීන් සංඛ්‍යාව.
  5. ජනාධිපති මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ සිදු කළ දිනයන් වෙන් වෙන් වශයෙන්.
  6. අරලියගහ මන්දිරයේ  සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ දිනයන් වෙන් වෙන් වශයෙන්.
  7. වෙනත්  ප්‍රභූ වාසස්ථාන වල සිදු කළ පරීක්ෂණ සහ දිනයන්.
  8. අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ ප්‍රමාණය දිනයන් සහ ස්ථාන.
  9. පරීක්ෂණ සඳහා ලැබුණු PCR කට්ටල ප්‍රමාණය ඒවා ලැබුණු දිනයන්.
  10. එම පරීක්ෂණ කට්ටල භාවිතා කළ ආකාරය.
  11. ඉතිරි ව ඇති පරීක්ෂණ කට්ටල ප්‍රමාණය.
  12. එම පරීක්ෂණ කට්ටල ලැබුණු මූලාශ්‍රයන් සහ ලැබුණු දිනයන් සහ බෙදා දුන් ආකාරය .
  13. antibody පරීක්ෂණ සිදු කර ඇති ප්‍රමාණය.
  14. කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව.
  15. කොරෝනා වෛරසයට ආසාදිත නො වූවා යයි සලකා එ නමුත් නිරෝධායන රෙගුලාසි යටතේ ආදාහනය කළ පුද්ගල සංඛ්‍යාව.
  16. නිරෝධායන මධ්‍යස්ථානවල දී පුද්ගල මරණ සිදුවූවා නම් එම ස්ථාන සහ සංඛ්‍යාව.

sjb lettear 1

sjb lettear 2
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article