spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලිය කොරෝනා මාවතෙන් පල්ලම් බසී..

Must read

     මෙසිනා 1මෙසිනා 3 ( 10.00 am )  පෘතුවියයේ ජීවත්වන මානවයාගේ ජන ජීවීතය  අකර්මණ්‍ය කිරීමට  කොරෝනා වසංගතය සමත් වී ඇත.පසුගිය වසරේ නොවැම්බර්  අග සිට වීනයේ වූහාන් නගරයෙන්  ව්‍යාප්තවීම ආරම්භ වූ මෙම  වෛරසය මේ වන විට රටවල් 212 ක ව්‍යාප්ත වෙමින් මිලියන 3.7 ක ආසාධිතයින් හා  ලක්ෂ දෙකාහමාරකට අධික ජීවිත බිලි ගනිමින් තිබේ.  චීනයෙන් හමු වූ  මෙම වෛරසය ප්‍රථමයෙන්ම යුරෝපයේ ව්‍යාප්ත වීම ඉතාලියේ ලොම්බාර්ධියා පලාතෙන් වාර්තා වුනි.  පලමු ආසාදිතයා පෙබරවාරි මස 21 දින ලොම්බාර්ධියා පලාතේ ලොදී නගරයෙන් වාර්ථා වුනි.එතැන් සිට මුලු ඉතාලිය පුරාම ව්‍යාප්ත වූ මෙම වෛරසය අද මැයි මස 7 දින වනවිට  ආසාධිතයින් දෙලක්ෂ  දහහතරදහස පසු කරමින් සිටී. මිනිස් ජීවිත  29000 අධික ප්‍රමාණයක් මෙම වෛරසය නිසා අහිමි විය.
     පලමු ආසාධිතයා වාර්ථා වූ දින සිට අද   දක්වා මෙම තත්වයට මුහුන දීමට  ඉතාලියේ සෞඛ්‍ය අංශ හා ඉතාලිය පාලක යාන්ත්‍රණය වගකිවයුතු පියවර රැසක් ගනු ලැබිනි. එහි ප්‍රථිඵලයක් ලෙස අද වන විට ඉතාලියේ රෝගීන් වාර්ථාවීම විශාල වශයෙන් අවම  වෙමින් පවතී. ඊයේ එනම් (  06 )  දින වාර්ථාගත ලෙස සුවය ලැබූ ආසාධිත රෝගීන්ගේ වර්ධනයක් දක්නට  ලැබිනි. (එනම් 8000කට වඩා රෝගීන් ප්‍රමානයක් දිනකදී සුව වීම. )
     පෙබරවාරි  මස අග සිට මැයි දකවා කාලය තුල දිනකට  රෝගීන් වාර්ථා වීම උපරිම අගය වූයේ මාර්තු මස 22 දිනයේදීය. එනම් 6500 කට අධික ආසාධිතයින් පිරිසක් හමුවිය. එම කාලයේදී මරණ වාර්ථා වීමද ඉහල අගයක් ලෙස පැවතුනි. දිනකට 500කට අධික මරණ වාර්ථාවූයේ මුලු ඉතාලියම කම්පා වීමෙනි.අප්‍රියල් මස මුල් සතියේදී ඉතාලියේ ආසාධිතයින් වාර්ථාවීම ක්‍රමක්‍රමයෙන් පහල යන ස්භාවයක් දක්නට ලැබිනි. විශේෂයෙන් සුව වන රෝගීන් වැඩි වීමත් ආසාධිතයින් දිනකට 5000කට අඩු මට්ටමක පැවතිනි. කෙසේ හෝ මේ  වන විට දිනකට වාර්තාවන  ආසාධිතයින් ගනන   2000 කට  වඩා අඩු අගයක් ගැනීනට සමත් වී ඇත. ඇතැම් දිනයන් හී ආසාධිත රෝගීන්ට වඩා සුවය ලබම රෝගීන්ගේ අගය ඉහල යයි. මෙය ඉතාමත් හොද තත්වයකි.මෙසිනා 4)මෙසිනා 6
කල් යල් බලා තීරන ගැනීම 
                     මාර්තු මස 08දින ඉතාලි රජය විසින් නිරෝධායන නීතී ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී ලොම්බාර්ධියා , වෙනෙතෝ පලාත් වලින් ආරම්භ වූ අතර පසුව මාර්තු 09 දින සමස්ථ ඉතාලියම පුරා නිරෝධායන නීතීය ක්‍රියාත්මකවිය. එහිදී රැකියා හා අත්‍යවශ්‍ය කටයුතු  වලට පමණක් අවසර මත අවස්තාව හිමි විය.
අදියර 02 යටතේ නිරෝධායන නීතී ලිහිල් වීම 
      ඉතාලී අගමැති වන ජුසෙප්පේ  කොන්තේ  විසින් මැයි මස 04 දින දෙවන අදියර  යටතේ මාස දෙකකට ආසන්නව පැවති  නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගැනිනි. එහිදී අත්‍යවශ්‍ය සේවා හැර තම ඥාතීන් බැහැදැකීමට යෑමට හැකිවීම හා අනෙකුත් රැකියා නැවත ආරම්භ කිරීම , තනිව කරන ක්‍රිඩා , ව්‍යායාම් කටයුතු වල නිරත වීමේ හැකියාව, ළමුන් සදහා පොදු  උද්‍යාන  විවෘත් වීම, රෙස්ටුරන්ට් , බාර් වැනි ආපනශාලා විවෘත වීම වැනි අවස්ථාවන් බොහොමයක් හිමිවිය.නමුත් එවැනි අවස්ථාවලදී තමන්ගේ හා අවට අයගේ සෞඛ්‍ය ගැන සලකිමත් වීම මෙන්ම මුහුනු ආවරන හා අත ආවරණ පැලදීම අත්‍යවශය  වේ.
     මේ වන විට ඉතාලිය පුරා නැවත ආරම්භ වීමක් දක්නට ලැබෙන අතර  මාර්තු මාසයේ හිස්ව පැවතී මාර්ග යාන වාහන වලින් පිරී තිබේ.  විශේෂයෙන් අත්‍යවශය සේවා වලට පමනක් සීමා වී තිබූ  නගරාන්තර  භාණ්ඩ ප්‍රවාහනය නැවත ආරම්භ වී ඇති බව දක්නට ලැබෙයි.කාලයක් නිවෙස් තුල සිර වී සිටි ජනයා දැන් ව්‍යායාම් මංතීරු වල හා මාර්ගවල  පාපැදි ධාවනය කරමින් සුපුරුදු ජීවිතරටාවට හැඩගැසෙමින් පවතී. නමුත් මේ සියල්ලම තීරණය කෙරෙන්නේ  සති දෙකකින් පසු  කොරෝනා රොගය  සම්බන්ධයෙන්  එලබෙන  ප්‍රථිපලයන්ගෙනි.  එම නිසා විශේශයෙන් මෙම කාලයේදී වඩ වඩාත් පරිස්සම් වීමට සැලකිලිමත් විය යුතුය.
කොරෝනා අවධානම අවප්‍රමාණය වීම ආරම්භවීම 
         විශේෂයෙන් එය ආරම්භ වූ ලොම්බාර්ධියා පලාතෙන් පිටතදීම සිදුවීමද මෙහි එක්තරා ජයග්‍රහනයකි. එහිදී රෝගයේ පැතිරීම සීමාකීරීමට හැකිවිනි. මේ  වන විට  දකුනු ඉතාලියේ සිසිලියා පලාතේ රොගීන් වාර්ථාවීම  ඉතාමත් අවම මට්ටමක පවතී. ඊයේ දිනයේදී පරීක්ෂන 4000කින්  හමුවූයේ ආසාධිතයින් 12 ක් පමනී. දින කිහිපයක සිටම  මෙස්සීනා නගරයේ වාර්ථා වූයේ එක් රෝගියෙකු පමනී.මෙවැනි ආකාරයට ලොම්බාර්දියා පලාතෙන් පිට පලාත් බොහොමයක රෝගීන් වාර්ථාවීම ශූන්‍යවී ඇත.
කොරෝනා හමුවේ ඉතාලියේ ආර්ථිකය
            කොරොනා වසංගතය නිසා  ඉතාලිය පුරා රැකියා අවධානමකට ලක්විය. අත්‍යවශය සේවා හැර අනෙකුත් සියලූම නිෂ්පාදන කටයුතු අඩාල විය.  වසන්ත සමය උදාවීමත් සමග වැඩී ඉල්ලුමක්ව පවතින විසිතුරු මල් ආශ්‍රිත නිෂ්පාදන විශාල අවධානමකට මුහුන දුනි.ඉතාලිය පුරා විහිදී ඇති සංචාරක කර්මාන්තය, රෙස්ටුරන්ට්, බාර් , සමාජ ශාලා ,ව්‍යායාම් හා ක්‍රීඩා මධ්‍යස්ථාන , ඇගලුම් සාප්පූ,  රූපවලාන්‍යාගාර, සැලොන් වැනි ව්‍යාපාරීක ස්ථාන බොහෝමයක් මෙම වසංගතය නිසා වැසෙන තත්වයට පත් විනි.සමහරක්  නැවත නොඅරින්නටම  වසා දැමිනි.
    නමුත් ඉතාලී රජය තම රටවැසියා අතහැරියේ නැත. කොන්ත්‍රාන්තුවක් නැති සේවකයාගෙ සිට ව්‍යාපාරික අයිතිකරුවා දක්වා මූලීක අවශ්‍යතා වෙනුවෙන් හැකි ඇයුරින් සහනාධාර ලබා දීමට තීරණය කෙරෙනී. එහිදී  කම්කරුවන්ට තම ස්වාමියාට සේවයෙන්  පහ කල නොහැකි ලෙස නීතී සකස් කෙරූ අතර ඔවුන්ගේ මාර්තු මස සිට වේතනය වෙනුවෙන් යම් කිසි දල අගයක් ගෙවීමට රජය තීරණය කෙරිනි. මීට අමතරව සෑම ගෘහස්ත පුරවැසියෙකුටම ආහාර පාන නිවාස කුලී විදුලි ජලය ගෑස් බිල්පත් සදහා මාසික කූපන් පත් හිමිවිනි. කෘශිකර්මානතය හා ස්වයං ව්‍යාපාර වෙනුවෙන් මූලීකත්වය ගෙන මෙම සහනාධාර ලබා දුනී.
වර්තමානය මත අනාගතය තීරනය වීම
      මාස දෙකකට ආසන්න  කාලයක්  නිවෙස් වලට සීමා වෙමින්  ජීවීතය ගත කිරීමට සිදුවිනි. බොහොමයක් නාගරීක ආසන්න මහල් නිවාසයි. හරිත පරිසරයක් පේන තෙක් මානයක නැතී කොන්ක්‍රීට් තට්ටුමත ගෙවෙන මෙම ජීවත නිදහස උපරිමයෙන් බුකිති විදීමට පුරුදු පුහුනු වී සිටී. ගෙවී ගිය කාලය තුල ආතතීය පිටකරනු මුවාවෙන් මෙම සහන කාලයේදී ලැබුනු නිදහසෙන් ප්‍රයෝජන ගැනීමට බොහොමයක් සැලසුනත් හිතේ කොස්සක් ඉතිරි වී ඇත්තේ ආසාධිතයින් කවුරුන්ද යන ප්‍රශ්නාර්ථය නිසාවෙනි. එම නිසා මෙම කාලයේදී ලැබුනු නිදහස සීමා සහිතව සෞඛ්‍යාරාක්ෂිතව භුක්ති විදීම තුලින් අනාගතය පෙර පරිදි සමාන්‍ය ජීවිතරටාවකට හිමිකම් කීමට පුලුවන.
ඩිල්ෂාන් තිසේරා -මෙසිනා ඉතාලිය
 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article