spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වෛරස් ප්‍රතිකාර සේවාව මිගමු රෝහල තුල තවත් පුළුල් කෙරේ!

Must read

NGB hospital new buildig
2015 දෙසැම්බර් මාසයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමකර දෙන බවට පොරොන්දු වු මීගමුව රෝහලේ මහල් ගොඩනැගිල්ල.

කොරෝනා වෛරසයට අදාලව ප්‍රතිකාර සේවාවන් මීගමුව රෝහල තුල තවත් පුළුල් කිරිමට දහසකුත් එකක් ගැටළු මැද වුව එහි කාර්යමණ්ඩලය මේ වන විට පියවර ගෙන තිබිම සැබැවින්ම ප්‍රසංසා කටයුතුය.මේ වන විට වාට්ටු දෙකක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක අතර අද සිට තවත් වාට්ටුව ඊට එක්ව තිබේ.ඒ රෝහලේ 8වෙනි මහලේ ස්ථාපිත කරන ලද නව වාට්ටුවත් සමගිනි.මෙහි නේවාසික ප්‍රතිකාර ලැබිය හැකි ගණන 20ක් පමණ වන බව වාර්ථාවේ.එමෙන්ම මෙය දැඩි නිරික්ෂණ ඒකකයක්ද,වෙන්කර ප්‍රතිකාර කිරිම සදහා කාමර 6කින්ද සමන්විතය.මෙම වාට්ටුව ස්ථාපිත විමත් සමග මිගමුව රෝහල තුල 40 කට ආසන්න රෝගීන් පිරිසකට සේවාව ලබාදිමට දැන් හැකිව තිබේ.මෙහිලා සටහන් කළයුතුම තවත් එක් වැදගත් කරුණක් තිබේ.එනම් මීගමුව රෝහලේ මහල් ගොඩනැගිල්ලේ කටයුතු කඩිනමින් නිමකර තිබුනේ නම් මෙවන් අර්බුදකාරි අවස්ථාවක එහි ප්‍රයෝජනය අතීශයින්ම වැදගත් බවය.අදාල වගකීම භාරගත් අයවලුන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා භාරදීමට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් මාසයේදීය.එහෙත් වගකීම පැහැර හැරි ඇතම් වගකිව යුත්තන් අදටත් මේ රෝහල තුල සිටිති.මෙය සැබැවින්ම කනගාටුදායකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article