spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාළු බෙදාහැරිමේ වැඩපිළිවෙල මිගමුව පොලීසියේ මැදිහත්වීමෙන් විධිමත් කෙරේ!

Must read

fisheryමීගමුවේ ජනයාට මාළු නැතිව කෑමවේලක් යනු බඩෙන් බාගෙට කෑවා හා සමානය.රජය විසින් ධීවරයන්ට ඇඳිරි නීති කාලය තුල මාළු ඇල්ලිමට මෙන්ම පිටපලාත්වලින් මාළු ප්‍රවාහනය සදහාද අවසරය ලබාදුන්නද උත්තරයක් නැති ප්‍රශ්ණය වුයේ මෙසේ සැ⁣පයෙන මාළු විකුණන්නේ කාටද යන ප්‍රශ්ණයයි.

multiday boats 1

එයට විධිමත් විසදුමක් ලැබුනේ නැත.මේ අතර බහුදින යාත්‍රා විසින් අල්ලාගෙන එනු ලැබු විශාල මාළු තොගද ගොඩබෑමෙන් තොරව එහි ශිතාගාර තුලම විය.මීගමුවේදි බලයන් කෙලවල්ලන් කිලෝ ලක්ෂයක් පමණ වු බවට වාර්තා විය.මේ පසුබිම තුල මේ මාළු සැපයුම් සියල්ල විධිමත් ලෙසින් නිසි අවසර ලත් ජංගම අලෙවිකරුවන් මගින් ජනතාව අතරට යෑවිමේ වැඩපිළිවෙල වඩාත් සාර්ථකව සැලසුම් කරන්නට මීගමුව මූලස්ථානය පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා පියවරගත් බවත් එය අති ප්‍රසංස්නීය අකාරයෙන් සැලසුම්ව ඇති බවත් මීපුර වෙබ් අඩවියට කියා සිටියේ මීගමුව ධිවර කාර්යාලයේ නිළධාරි මහතෙකි.

මේ පිළිබඳව අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා කියා සිටියේ මෙම වැඩපිළිවෙළ තුල ඇතැම් ජංගම අලෙවිකරුවන් වැඩිමිළට මාළු අලෙවි කිරිම පිළිබදව පැමිණිලි ලැබි තිබුන බවත් ඒ අයව පසුව පොලිසියට කැදවා දැඩි ලෙස අවවාද කළ බවත්ය.කෙසේ වෙතත් මාළු නගරයක ජනතාවට මාළු බෙදාහැරිමට මීගමුව පොලීසිය හෝ මැදිහත්වි මේ කරන්නට යෙදුණ උත්සාහය ඉතාමත් වැදගත් බවය.අර්බුදකාරි සෑම අවස්ථාවකම ඉන් පැන නොයා අවශ්‍ය උපරිම මැදිහත්විම කරන අයෙකු ලෙස වුඩ්ලර් මහතා දැනටමත් මීගමුව තුල ලකුණු හමාරය.පාකිස්තානු මුස්ලිම් සරණාගතයන්ගේ ප්‍රශ්ණයේදි ආනාරක්ෂිතව සිටි පවුල් සිය ගණනක් සිය පොලිස් පරිශ්‍රය තුලට ගෙන්වා ඔවුන් වඩාත් ආරක්ෂිතව සතිගණනාවක්ම බලාගත්තේය.Negambo-OIC-Woodler

Screenshot_20200329_074836

මේ උසස් ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානයේ උසස් නිළධාරිණියගේද ඇගයුමට ලක්විය.
රට පත්ව ඇති මේ අර්බුදය හමුවේ ජනතාවට සම්බන්ධ විවිධ කෂේත්‍රවල වැඩපිළිවෙලක් කළමණාකරණය කිරිමේ වගකිම් සැබැවින්ම භාරදිය යුත්තේ රාජ්‍ය නිළධාරින් වෙතය.
මන්ද ඒ පිළිබදව ඔවුන් මනා පරිචයක් මෙන්ම උගත්කමකද් ලබා ඇති බැවිනි.
එහෙත් අවසානයකට අද රටේ බොහෝ තැන්වලදි දේශපාලකයන් මේ මැද්දට පැන සියල්ල අවුල්කරමින් සිටිති.
ගණිතඥයෙක් අවැසි තැනට නැට්ටුවෙක් පැමිණි විට සිදුවන්නේ කුමක්දැයි අප තේරුම්ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article