spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඹුල්ලේ එළවළු මිල

Must read

1585382513-Vegetable_L

මේ දිනවල ජංගම රථ මගින් එළවළු බෙදාහැරිම යම් පමණකට සිදුවෙමින් තිබේ.එහෙත් විවිධ මිළ ගණන් යටතේය.වෙනත් විකල්ප නැති නිසා නිවැසියෝ ඒවා මිළට ගනිති.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පසුගිය (27) දින පාලන මිලක් පනවා තිබුණද ඊයේ (28)  දිනයේ පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිල පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයන් පවසන බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ  අලුයම කාලයේ සිට විශාල වශයෙන් එළවළු තොග ගොවීන් විසින් රැගෙනවිත් තිබිණි.

ඒ අනුව යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් කැරට්,අර්තාපල්,අල,රතු ලූණූ, වම්බටු,මෑකරල්,වට්ටක්කා,මාළුමිරිස් හා බීට් ආදී එළවළු රැසක් ලැබී තිබිණි.

බොහෝ එළවළුවල මිල රුපියල් 35 සිට 65 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයක් බවද අද දෙරණ වාර්තාකරු පවසයි.

රුපියල් 160 කට පාලන මිලක් දැමූ අමු මිරිස් කිලෝව රුපියල් අසූ පහකට විකිණී ඇති අතර, රුපියල් 110ක් දැමූ බෝංචි කිලෝව රුපියල් අසූ පහේ සිට 100 දක්වා මිලකට අලෙවි වී තිබේ.

මේ අනුව සෑම එළවළුවක්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීන් ද පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ එන පිරිසගේ ආරක්ෂාව සඳහාත් ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ජනතාව එක්රැස් වී සිටීම වළකාලීම සඳහා රජය විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසියේ සහාය ලබා ගෙන තිබිණි.

මුලාශ්‍රය -අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article