spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් ආසාදිතයන් 29 කට සුවයි !

Must read

covid-web4-825x412කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට ආසාදිතයින් 3,357දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

අද (14) මධ්‍යහන 12.00 වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,038ක් වන අතර, ඉන් 1,668දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවට තොරතුරු වාර්තා වන බව අරුණ වෙබ් අඩවිය සඳහන් කර තිබේ

පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.එස්.කේ. කුමාරවංශ මහතා පවසා ඇත්තේ  තවත් ආසාදිතයින් හදුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදුවන බවය

වෛද්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 47දෙනෙකු හදුනාගැනීමත් සමගය.

මොවුන් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article