spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ලෙල්ලමටත් කොරෝනා බිය දැනේ…

Must read

ලේලලම3ලෙල්ලම5පසුගිය මාර්තු වලදි කොරෝනා බිය රටපුරා පැතිර යද්දි මිගමුවේ පිටිපන දුව ලෙල්ලමද එයට මුහුණ විවිධ පියවරයන් ගෙන තිබුණි.පොලිසිය පවා නිරන්තරයෙන්ම මැදිහත්ව මාළු ලෑලි අතර පරතරය පවත්වාගෙන යැමට වැඩපිලිවෙලක් ද සකසා තිබුණි.විෂබීජ හරණය සඳහා ලෙල්ලමට පිවිසෙන මාර්ගයේ වි⁣ශේ්ෂ කුටි දෙකක්ද ස්ථාපිත විය.

එහෙත් කෙමෙන් කෙමෙන් රටතුල කොරෝනා බිය පහව යමින් තිබුන නිසාවෙන් ලෙල්ලම සුපුරුදු සාමාන්‍ය පිළිවෙතට ඉතා වේගයෙන්ම ගමන් කර තිබුණි.එහි වැඩිපුරම දකින්නට ලැබුනේ මුව ආවරණ නැති පිරිස්ය.මිටරයද අමතකව ගොස් තිබුණි.

එහෙත් දැන් යළිත් කොරෝනා බිය ලෙල්ලම කරාද පැමින තිබේ.
වෙනදා මුහුණු වල නොරැදුන මුව ආවරණ දැන් තිබේ.
ඇතම් පාරිභෝගිකයන් ලෙල්ලම් පරිශ්‍රය තුලට පැමිණ තිබුනේ හෙල්මට්ද දමාගෙනය.

පිටිපන දූව ලෙල්ලම පිහිටා ඇත්තේ දැනට මීගමුවේ අවධානම් කලාපයක් ලෙසින් සැලකිය යුතුව ඇති කලාපයක පිවිසුමේය.
ඊයේ දිනය වන විට තලාහේන පේරුව තුලින් හමුවි තිබුන ආසාධිතයන් ගණන 6 දක්වා ඉහල ගොස් තිබේ.
එබැවින් ඒ කලාපයට පිවිසෙන මුවවිටේ ඇති ලෙල්ලම්  පරිශ්‍රය තුල උපරිම ලෙසින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරිමේ වගකිම එහි යන එන සියළු දෙනා වෙත පැවරි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article