spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් හැදුන අයට දැන් මාස 2 න් බූස්ටර් එන්නත ..

Must read

‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබාගත හැකි බව විශේෂඥා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.එම පුවතේ වැඩිදුරටත් සදහන්ව තිබුනේ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් මිට පෙර පැවසුවේ කොවිඩ් අසාදිතයන් මාස හයකට පසුව ‘බූස්ටර්’ එන්නත ලබාගත යුතු බවය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අයිඩීඑච් රෝහලේ පැවැති උත්සවයේදී විජේවික්‍රම මහතා එසේ පවසා තිබුණි.

සෞඛ්‍ය බළධාරින් මේ ආකාරයෙන් ඉතාමත් තිරාණාත්මක කරුණු සම්බන්ධයෙන් වඩාත් විද්‍යාත්මක ආකාරයේ තිරණයන් නිසි ලෙසින් ප්‍රකාශයට පත් නොකිරිම සැබැවින්ම ගැටළු සහගත බව සමාජ ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.
මිට මාස කිපයකට පෙර කොරෝනා වැළදුන බොහෝ දෙනෙකු මාස 6 ක් යන තෙක් බලා සිටින පසුබිමක මාස 2 න් වුවද එන්නත ලබාගත හැකි යැයි දැන් පැවසිම සැබැවින්ම ගැටළු සහගතය..

බටහිර රටවල කොරෝනා වැළදුන අයෙකුට බූස්ටර් එන්නත මාස 6 ක් යනතුරු ලබාගැනිමට නොහැක. එන්නත් මාත්‍රා දෙකක් ලබා සිටියදි කොරෝනා වැලදුන අයෙකුට බුස්ටර් එන්නත ලබානොගෙන වුවද ඒරට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන ග්‍රීන් කාඩ් සදහා හිමිකම් ලැබේ.

ග්‍රින් කාඩ් ඒක නොමැති කෝපි ඒකක් බිමට හෝ ඇතැම් විට කඩයකට යාමට ඉතාලියේදි නම් නොහැකි බව එහි සිටින අපගේ මිපුර පාඨකයෝ කියා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article