spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු බෝම්බ ප්‍රහාරය බලය ලබාගැනිම කළ කුමන්ත්‍රණයක් ?

Must read

පාස්කු දා සිදුවූ බෝම්බ ප්‍රහාරය බලවතුන් විසින් බලයට ඒම සදහා ඇටවූ කුමන්ත්‍රණයක් බව ජනතාවට පැහැදිලි වෙමින් තිබේ.

ඒ සමග ජනතාව තේරුම් ගත යුතු ඉතා වැදගත් තවත් කාරණාවක් වන්නේ බලයට ඒමට මේ පාලකයෝ මිනිස් ඝාතන යොදාගත් පළමු සිද්ධිය මෙය නොවන බවයි. මීට පෙරත් ඒ සදහා මිනිස් ඝාතන යොදාගත් ගෙන ඇත.

උතුර නැගෙනහිර ප්‍රශ්ණයට සමූහ ඝාතන වෙනුවට දේශපාලන විසදුමක් ගෙන ඒම කළ නොහැක්කක් වී නොතිබුනි. නමුත් බලයේ රැදී සිටීමට මිනිස් ඝාතන යොදාගැනීම දේශපාලන විසදුමට වඩා වාසිදායක බව මේ පාලකයෝ සිතන්නට ඇත.

පසුගිය අවුරුදු 70ක් රට පාලනය කළ සියළුම පාලකයන් “මිනිස් ඝාතනය” දේශපාලන අවියක් ලෙස යොදාගෙන ඇත. රටේ පාලන බලය නොතිබුන නමුත් බලය ඉලක්කරගෙන දේශපාලනයෙහි යෙදුන පක්ෂ පවා විවිධ අවස්ථාවන්හිදී මිනිස් ඝාතනය අවියක් කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි.

කෙසේ වෙතත් අප රට තුල මිනිස් ඝාතනයන්, පුද්ගලයන් මෙන්ම පාස්කු ප්‍රහාරය වැනි සම්මූල ඝාතනයන් සිදු කිරීම දේශපාලන සංස්කෘතියක් වී පවතින බව තේරුම් ගත යුතුව ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළා දකිමින් වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩනගන කිතුණු ප්‍රජාවත් මෙම සත්‍යයද අවදි විය යුතු යයි මම විශ්වාස කරමි.

එබැවින්, පාස්කු ඉරුදින ප්‍රහාරය හෙලා දැකීමේ යුක්ති සහගත ක්‍රියාදාමයේදී රටේ පාලන බලය හෙබවූ නායකයන් විසින් සිදු කළ ඒ සියළු මිනිස් ඝාතන හෙලා දැකිමත් සිදු යුතුය. කිතුණු ඇදහිල්ල අනුව එසේ ඝාතනවලට ලක්ව ඇත්තේද “දේව දරුවන්මය”.

ඒ නිසාම එවැනි ඝාතන කිරීමට තීන්දු කළ සහ ඒවා මෙහෙයවූ සියළුම පාලකයන් දේශපාලන භූමියෙන් ඉවත් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුය.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article