spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝවිඩ් ජයගන්න පලා හා ප්‍රෝටීන් බහුල ආහාර ගන්න

Must read

කෝවිඩ් වෛරසයජය ගැනීමට අවශ්‍ය නම් වැරදි මතවලින් මිදී පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාරවලින් යුත් සමබල ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ, ඇතැම් ඖෂධ අලෙවිසැල්වල විටමින් පෙති වර්ග සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බවයි.

මෙහිදී කෝවිඩ් තත්ත්වයේදී රෝගීන්ගේ ‘රසවෙනස් වීම’ තුළ ආහාර නොගෙන සිටීමෙන් පෝෂණ ඌණතා ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳ සැලකිලිමත්ව ආහාර ලබා ගන්නා ලෙසත් මහාචාර්යවරයා පැවසීය.

කෙසේ වුවද වැඩි වියදම් දරා වෙළෙඳපොළෙන්විටමින් මිලදී නොගන්නා ලෙස ඉල්ලා සිටි මහාචාර්යවරයා, ඉන් කිසිදු අතිරේක වාසියක් අත් නොවන බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (23දා) පැවති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතාපෙන්වා දුන්නේ, ප්‍රතිශක්තිය වැඩි වීමට ‘සුපිරි ආහාරයක්’ නොමැති බවයි.

ඒ අනුව එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලිකිරීමක් සිදුකළ ඒ මහතා,

“වෛරසය ජයගන්න අවශ්‍ය නම් ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍යයි. එහිදී මස්, මාළු,බිත්තර වැනි ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. මාළු ගත්තම ලොකු පොඩි කියලා භේදයක් නෑ. ඕනෑම මාළු වර්ගයක් ආහාරයටගත හැකියි. සාමාන්‍යයෙන් ආහාර වේලක 15෴ක් ප්‍රෝටීන් විය යුතුයි.මස්, මාළු,බිත්තර නොකන අයෙක් ඉන්නවා නම් ඒ අයට කඩල, මුං ඇට, පරිප්පු වැනි රනිල භෝග ආහාරයට ගත හැකියි. මීට අමතරවඔමේගා ත්‍රී වැදගත් වෙනවා. අවශ්‍ය අයෙකුට එය අතිරේක ආහාරයක් ලෙස ලබාගත හැකියි.

විටමින් සීවල ලොකු වාසියක් තියෙනවා කියලා කියන්න බැහැ. සෙම්ප්‍රතිශාව ගතහොත් විටමින් සීවලින් ඊට විශේෂ වාසියක් නොමැති බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා. එහි ඌනතාවක් ඇති අයෙකුට පමණක් එය අතිරේකව ගත්තාට ගැටලුවක් නැහැ.

ඒ වගේම බිස්කට්,කේක්, පුඩිං වැනි අතුරු ආහාර ශරීරයට හිතකර දේවල් නොවෙයි. ඒ වෙනුවට පලතුරු, කිරි ආහාර, රටකජු හෝ කජු වැනි අතිරේක ආහාර ලබාගත හැකියි.

මෙහිදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කිරීම අවශ්‍යයි. තමන්ගේ මුත්‍රාවල පැහැය හඳුනාගන්න. සාමාන්‍යයෙන් මුත්‍රා ලා පැහැ විය යුතුයි. මුත්‍රා තද පැහැති නම් විජලන තත්ත්වයක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් එයින් ප්‍රකාශ වෙනවා.පැයකට අවම වශයෙන් වතුර වීදුරුවක්වත් බීමට පුරුදු වෙන්න.

ඊට අමතරව සැර අඩුවෙන් තේ, ග්‍රීන් ටී, පොල් පලා, රණවරා ඇතුළු ඖෂධීය පාන භාවිත කිරීම වඩාත් යෝග්‍යයි. වැඩි ගණන් දීලා විටමින් වර්ග ගන්න එපා, විශේෂ වාසියක් ඉන් ලැබෙන්නේ නෑ.

මීට අමතරව කෝවිඩ් රෝගියකුගේ රස වෙනස් වීම නිසා ආහාර ගැනීම අපහසු විය හැකියි. එවිට කරපිංචා, ඉඟුරු වැනි ඖෂධ වර්ග විවිධ පානයන්ට එක්කර ලබාදිය හැකියි. ඒ වගේම සෝයා සෝස්, තුන පහ වර්ග ආහාරවලට එක්කර ගත හැකියි. පලතුරු බීමකට කිරි හෝ යෝගට් මිශ්‍ර කිරීමෙන්, කැඳ වර්ගවලට මීපැණි වැනි දෑ මිශ්‍ර කිරීමෙන් රෝගීන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය වැඩි කරගත හැකියි. රස වෙනස් වීම නිසා ආහාර නොගෙන සිටීමෙන් පෝෂණ ඌනතා ඇතිවිය හැකියි.

ප්‍රධාන ආහාර වේලකට පසුව අතුරුපස ලබාදෙන්න. මොකද ප්‍රධාන ආහාර වේලට පෙර අතුරුපස ලබා දුන්නොත්, රෝගීන් ප්‍රධානආහාර වේල ලබා ගැනීමට මැලිකමක් දක්වාවි. ඒ නිසා පෝෂණ ඌනතා ඇති නොවී සිටීමටත්, ප්‍රතිශක්තිය වර්ධනය වීමටත්සමබර ආහාර වේලක් අනිවාර්යයෙන් ලබාගන්න යැයිද ප්‍රකාශ කළේය.
ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article