spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙකු ගුවන් තොටේදි අත්අඩංගුවට !

Must read

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙකු මෙරටට පැමිණීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී (BIA) STF නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ ඔහු 33 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නමැති සැකකරු අද අලුයම එයාර් ඇරබියා ගුවන් යානයකින් සාජා සිට පැමිණ ඇති අතර එහිදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විශේෂ කාර්ය බළකා මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ඉල්ලීම් සහ මිනීමැරුම් කිහිපයකට අවශ්‍යව සිටි අයෙකි.

මේ අතර පොලිස් ප්‍රධානියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබුනේ මාස 6 ක් ඇතුලත පාතාලය අවසන් කරන බවය.
කෙසේ වෙතත් දැනට සිරගතව සිටින පාතාල ප්‍රබලයෙකුගේ දියණියගේ මල්වර මඟුල් උත්සවය පසුගිය දිනක කොළඹ සුපිරි හෝටලයක පැවැති බවද වාර්තා විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article