spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ රෝහලේ සැගවුණු දෙවිවරු

Must read

Gamphaha hospitalසෞඛ්‍ය  ක්ෂේත්‍රයේ විවිධ ගැටළු සහිත  වාතාවරණයක් පවතින මෙවන් මොහොතක සෞඛ්‍ය   සේවයේ උදාරකර කාර්යභාරයක නිරත වන නිලධාරීන් හා සේවක මහතුන් ඇගයීමකට ලක් වන්නේ ඉතා කලාතුරකිනි.
ගම්පහ මහ රොහලේ 11 වන වාට්ටුෙවි සේවයේ නියුතු ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා,සෙසු වෛද්‍ය නිලධාරීන්,හෙද නිලධාරිණියන් හා කණිෂ්ඨ සේවක මහතුන්ගේ සේවාවල ගුණාත්මක භාවය ඉතා ඉහල මට්ටමක පවතින අතර කිසි දිනක හොදක් නොඅසන හෙද නිලධාරිණියන්ගේ කාරුණිකභාවය මීට පෙර කිසි දිනක රජයේ රෝහලක හෙද නිලධාරීණියන්ගෙන් දැක ගත නොහැක.
සුළු අතපසුවීමකින් පවා විශාල විනාසයක් විය හැකි ඉතා වගකීම් සහගත කාර්යභාරයක නිරතවන දෙවිවරුවන් සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ නිලධාරීන් හා සේවක මහතුන් නිසි ඇගයීමකට ලක් විය කාලය දැන් එලඹී ඇත.
මෙසේ කිසි දිනක ඇගයීමකට ලක් නොවන සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ නිලධාරීන් හා සේවක මහතුන් නිසි ඇගයීමකට ලක් කරන්නේ නම් ඉතා ගුණාත්මක ස්‍යෙඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත වන බව ඉතා පැහැදිලිය.
ගම්පහ රෝහලේ 11 වන වාට්ටුෙවි වෛද්‍යවරුන්ට,හෙද නිලධාරිණියන්ට මෙම ලිපිය උපහාරයක් වේවා.
උපුල් ඉන්ද්‍රජිත් -පල්ලියපිටිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article