spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගස් කපා ජීවත්වන්නන්ට අසල්වැසි ඉන්දියාවෙන් පාඩමක්..

Must read

වර්ථමානයේදී මුළු ලෝකයම දරුණු ස්වභාවික විපත් වලට යොමු වීමට පටන්ගෙන ඇති බව අප සියළු දෙනාම හොදින්ම අත්දැක ඇති කරුණක්. මිනිසාගේම වැරදි වලට මේ වන විට මිනිසාටම වන්දි ගෙවීමට සිදුවී අවසන්. විශේෂයෙන්ම වනාන්තර කපා දැමීම ස්වභාව ධර්මයට එරෙහිව මිනිසුන් සිදුකරන  විශා වරදක්.එහි ආදීනව වශයෙන් වර්ෂාව අඩුවීම,නායයෑම් ඇතිවීම සිදුවීමට හැකි බව ශ්‍රී ලාංකිකයන් වහයෙන් අප පසුගිය දින කිහිපයේදී හොදින් අත්දැක්කා. නමුත් දැන් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන්නේ අප කාටත් ආදර්ශයක්වන වැඩක් පිලිබදව කථාවක්. මේ සිදුවීඹ අපට වාර්ථා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.

ඉන්දියාවේ ජීවත් වන පැමලා මලාහෝත්‍රා හා අනිල් මල්හෝත්‍රා යුවල ලෝකයෙේ ජීවත් වන සියල්ලන්ටම ආදර්ශයක් වන ආකාරයෙන් ඉන්දියාවේ ඇති එකම පෞද්ගලික අභයභූමිය පවත්වාගෙන යනවා.SAI Sanctuary ලෙස හැදින්වෙන මෙම අභය භූමිය 1991 වසරේදී ඔවුන් විසින් මිලදී ගත් භූමි ප්‍රමාණයක ඔහුන් විසින්ම ගස් වවමින් මේ අභයභූමිය පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ වන විට අකක්ර 300ක පමණ භූමි ප්‍රමාණයක තර්ජනයට ලක්වූ ඝණයට ගැනෙන ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් මේ වන විට එම අභයභූමිය තුල ජීවත් වනවා. ඒ අතරට ආසියානු අලියන් හා බෙන්ගාලිකොටියන්ද අයත්.

ඔවුන් මේ භූමිය මිලදී ගන්නා අවස්ථාවේදී මේ භූමිය අත්හැරදැමූ කුඹුරු,හේන්,වැනි දේවල් වලින් සමන්විතවී තිබී ඇති අතර ඒ භූමිය ඉතාමත් දූෂණයට ලක්වී තිබී ඇති බවත් එම භූමිය මේ තත්වයට පත් කිරීමට විශාල ශක්තියක් හා කාලයක් ගතවූ බවත් මේ අභය භූමියේ හිමිකරුවන් වන පැමලා පවසනවා.

පහතින් දැක්වෙන ඡායාරූප ඔවුන්ගේ උත්සාහය හා කැපවීමේ ප්‍රථිඵල ඔබට දැක ගැනීමට ඉඩ සලස්වනු ඇති.

wildlife-forest-protection-sai-sanctuary-india-58f8972d256e8__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f89721d8eb7__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f8975472084__700

wildlife-forest-protection-sai-sanctuary-india-6-58f8969c082b1__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f8975d4cf02__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f8975a30976__700

wildlife-forest-protection-sai-sanctuary-india-5-58f89699e4f4b__700

wildlife-forest-protection-sai-sanctuary-india-2-58f896924b583__700

wildlife-forest-protection-sai-sanctuary-india-8-58f8969fa7563__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f89737ef5ee__700

wildlife-forest-protection-sai-sanctuary-india-3-58f89694bcd9a__700

wildlife-forest-protection-sai-sanctuary-india-58f8972af071e__700

 

http://www.boredpanda.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article