spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ග්‍රාම ශක්ති‘ : ‘ජනපතිගේ දියණියට කෝටි 3 ක් දුන් කතාව බොරුවක්’

Must read

සුගතදාස ක්‍රීඩාංගනයේ  20 වෙනිදා පැවැති ‘ග්‍රාම ශක්ති’ වැඩ සටහනේ ආරම්භක උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් ජනපති  දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ ‘මීඩියා ෆැක්ටරි‘ නම් ප්‍රචාරක ආයතනයට ලබාදුන් බවට වෙබ් අඩවියක පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියි.

‘ශ්‍රී ලංකා මිරර්’ එම වෙබ් වාර්තාව සම්බන්ධයෙන් කල විමසීමකදී ලක්තිලක මහතා පැවසුයේ, ‘ග්‍රාම ශක්ති’ වැඩසටහනට චතුරිකා සිරිසේන මහත්මියගේ කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රී මහතා කියා සිටියේ මෙම උත්සවයේ ප්‍රචාර කටයුතු මෙන්ම වේදිකාව හා ඊට අදාල සියලු සැරසිලි පවා කලේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් බවයි.

‘ග්‍රාම ශක්ති’ වැඩසටහනට අදාළ රුපවාහිනී දැන්වීම පමණක් පෞද්ගලික ආයතනයක් ලවා නිර්මාණය කර ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

‘මීඩියා ෆැක්ටරි‘ කාගේද ?

‘මීඩියා ෆැක්ටරි‘ නම් දැන්වීම බෙදාහරින (Media scheduling) සමාගමේ හිමිකරු වන්නේ කපිල විදානගමගේ නමැති අයෙකි. එහි කොටස් කරුවකු ලෙස කටයුතු කල ප්‍රශාන් සුබ්‍රමනියම් නැමැත්තා මේවනවිට ඉන් ඉවත්වී වෙනම දැන්වීම් සමාගමක් පිහිටුවාගෙන ඇත.

මෙම ‘මීඩියා ෆැක්ටරි‘ සමාගම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවට එකල වෙබ් අඩවි වාර්තා කර තිබිණ.Chathurika Srisena

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article