spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වර්ෂ 2019 දි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 18 වැනි සයිටීස් CITES ජාත්‍යන්තර සමුළුව සඳහා ලාංඡනයක් නිර්මාණය කිරීමේ තරඟයට එක්වීමට ඔබටත් අවස්ථාවක්.

Must read

(CITES) යනු කවරේද?

CITES (The Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) යනුවෙන් හදුන්වනු ලබන අතර එහි සිංහල අර්ථය වන්නේ තර්ජනයට ලක් වූ වනජීවී සහ ශාක විශේෂ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ වූ සම්මුතිය යනුවෙනි.

සයිටීස් යනු වර්ෂ 1975 ජුලි මස පළමු දින ක්‍රියාවට නංවන ලද තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාක විශේෂ පිළිබඳ සම්මුතියයි. මේ සඳහා ආරම්භයේදී රටවල් 80ක් එකඟතාවයට එළඹුන අතර මේ වන විට රටවල් නැතහොත් පාර්ශවකරුවන් 186ක් අත්සන් කර ඇත.

එය රාජ්‍යයන් අතර වන අන්තර්ජාතික එකඟතාවක් වන අතර එහි අරමුණ වන්නේ වන සතුන් සහ ශාක (සජීවී, අජීවී කොටස් ) ඒවායේ ස්වභාවික ස්ථානයන්හි පැවැත්ම කෙරෙහි තර්ජනයක් ඇති නොවන අන්දමින් අන්තර්ජාතික වෙළඳාම නියාමනය කිරීමයි.

අරමුණ

මෙම තරඟයේ අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 18 වැනි පාර්ශවකරුවන්ගේ සමුළුව සඳහා ලංඡනයක් නිර්මාණය කිරීමයි. මෙම ලාංඡනය අන්තර්ජාල මුද්‍රිත සහ වෙළඳ භාණ්ඩ සඳහා භාවිත කෙරෙනු ඇත. පහසුවෙන් අවබෝධකරගත හැකිවීම, කළු සුදු පසුබිමේ සහ වර්ණවත් පසුබිමේ පැහැදිලිව දර්ශනය විම වැනි අවස්ථාවන් සඳහා සුදුසු බව මෙහි මූලික අවශ්‍යතාවයකි.

සුදුසුකම ( අයදුම් කළ හැකි වන්නේ කාහටද )

මෙම තරඟය විවෘත වන්නේ තනි පුද්ගලයන් සඳහා පමණි. සමාගම්, අධ්‍යාපන ආයතන, සංවිධාන යනාදියට හෝ එබඳු ආයතන සමඟ සම්බන්ධ කණ්ඩායම් සඳහා මෙම තරඟය විවෘත නොවේ.

ඒ අනුව පහත සඳහන් කණ්ඩායම් සඳහා තරඟය විවෘතවේ.

  • නිර්මාණ වෘත්තිකයන් ( නිර්මාණ ක්ෂේත්‍රයේ නිපුනතා ඇති පුද්ගලයන්, ග්‍රැෆික් නිර්මාණ වෘත්තින් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ රැකියා නියුතු පුද්ගලයන්, ග්‍රැෆික් නිර්මාණ ආයතන හිමිකරුවන් හෝ පාර්ශවකරුවන්.)

  • ශිෂ්‍යන් ( අධ්‍යාපන ආයතන හෝ පාසල්වල ග්‍රැෆික් නිර්මාණ හා ආශ්‍රිත විෂයන් හදාරන අය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඇති පාසැල් වල ඕනෑම ශිෂ්‍යයෙක්.)

  • මහජනතාව (ඉහත කාණ්ඩවලට අයත් නොවන ඕනෑම පුද්ගලයෙක්)

ඇතුළත් වන්නේ කෙසේද?

නිර්මාණ ආට් කඩදාසියේ නැතහොත් ඉලෙක්ට්‍රොනික පිටපතක් ආකාරයෙන් යොමුකළ හැකිය.

ආට් කඩදාසි මත

  • නිර්මාණ උසස් තත්වයේ A3 කඩදාසිය පිරෙන ART WORK එකක් පරිද්දෙන් සකස්කළ යුතුය.

  • මෙම යෝජිත නිර්මාණය CITES සන්නාමය අන්තර්ගත විය යුතුය.

  • ඉදිරිපත් කරන ලාංඡන නිර්මාණය තුළ World wildlife Conference යන වචනය තනි පේළියක් ලෙස අන්තර්ගත වියයුතු අතර එය තුළ Cop 18,Colombo 2019යන්නද ඇතුළත් වියයුතුය.

  • ශ්‍රී ලංකාවේ වෙසෙන CITES ලැයිස්තුගත විශේෂයන්ගේ රූප ලාංඡන තුළ ඇතුළු කිරීමට සදුසු විය හැකිය. එසේම එම විශේෂ දේශිය සංස්කෘතියට වැදගත්කම සමග සම්බන්ධ කළ හැකිය.

  • සෑම ඉදිරිපත් කිරීමකටම නිර්මාණකරුගේ නම, වයස, ලිපිනය, දුරකථන අංකය සහ ඊ මේල් ලිපිනය සඳහන් කළ යුතුය.

යොමුකිරීම

සියලු යොමුකිරීම් ( චිත්‍ර සහ සංයුක්ත තැටි) දෙසැම්බර් 15 දින දක්වා සයිටීස් ලාංඡන තරඟය, සියීටීස් ලේකම් කාර්යාලය, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය, 9වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල වෙත තැපෑලෙන් හෝ රැගෙනවිත් භාරදීම සිදුකළ හැකිය. මෙම තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු0112887421 සහ 0112888585 යන දුරකථන අංකවලින් හා www.msdw.gov.lk , www.dwc.gov.lk වෙබ් අඩවිවලින් ලබාගත හැක.

විනිශ්චය සහ ජයග්‍රාහකයා තේරීම

ජයග්‍රාහි නිර්මාණ මේ සඳහා තෝරාගත් විනිශ්චය මණ්ඩලයක් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සහ සයිටීස් ලේකම් කාර්යාලය එක්ව සිදුකරනු ඇත. ඔවුන් ගේ තීරණය අවසාන තීරණය වනු ඇත. මේ සම්බන්ධයෙන් වෙනත් ලිඛිත අදහස් බාරගනු නොලැබේ.

ප්‍රථම ස්ථානයට අමතරව හොඳම නිර්මාණ එවූ ජයග්‍රාහකයින්10 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන් සියළුම දෙනාට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සයිටීස් සමුළුවේදී සිදුකෙරේ.

සුදුසු ඉදිරිපත් කිරීම් නොලැබේ නම් ජයග්‍රාහකයෙකු තෝරා නොසිටීමේ අභිමතය තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සතු වේ.

ජයග්‍රාහකයා සිය නිල ලාංඡනයේ අයිතිය තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය වෙත පැවරීම පිණිස ගිවිසුමකට එළඹිය යුතුය.

ත්‍යාග බාරගැනීම තුළ ජයග්‍රාහකයාගේ නාමය නොමැතිව අදාළ ලාංඡනය තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයට සිය ප්‍රචාරක කටයුතු සඳහා අවසරදීම අදහස්වේ.

මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී විවිධ මාධ්‍ය මගින් ඔබවෙත ගෙන ඒමට සුදානම්ය.

සයිටීස් මාධ්‍ය මෙහෙයුම් කමිටුව.

සයිටීස් මාධ්‍ය මෙහෙයුම් කමිටුව මගින් ඉදිරිපත් කර තිබෙන මෙම මාධ්‍ය නිවේදනය සඳහා ඔබ මාධ්‍ය ආයතනය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
ගරු නියෝජ්‍ය ඇමතිතුමියගේ මාධ්‍ය ලේකම්
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article