spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමට එරෙහිව දසුන්ගෙන් ශතකයක්

Must read

 z_p15-Shanaka

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල හා ශ්‍රී ලංකා ඒ පිල අතර ජැමෙයිකාවේදී පැවැත්වෙන් නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනයේදී වර්ණවත් ශතකයක් රැස් කිරීමට දසුන් ශානක සමත්වුණා.
පළමු ටෙස්ට් තරගයෙන් දැවැත්ත පරාජයක් ලැබීමත් සමග දෙවන තරගය ජයගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය අතර ඉන්පසු පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා. පසුව අසලංක හා රොෂේන් පිලිවෙලින් ලකුණු 41ක් හා 30කින් දැවීයාමත් සමග 7වන පිතිකරු ලෙස පිටියට පිවිසි දසුන් ශ්‍රී ලංකා පිල වැටී සිටි තත්වයෙන් ගොඩගැනීමට අගනා ලකුණු 102 ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ එම ශතකයට හයේ පහරවල් 8ක් හා හතරේ පහරවල් 5ක් ද ඇතුලත්.
දසුන්ගේ මෙම ශතකයත් සමග ශ්‍රී ලංකා පිල තමන්ගේ පලමු ඉණිම සදහා ලකුණු 294ක අභියෝගයක් තමන්ගේ ප්‍රතිවාදීන්ට ලබාදීමට සමත් වුණා.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article