spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගැබිනි මව්වරුන් 80කට කොරෝනා – ආසාදිත මව්වරුන් 4ක් දරුවන් බිහිකරයි.

Must read

ගැබනි මකොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර තිබේ.

මේ වනවිට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එහි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසයි.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් පසුවේ.

විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ලංකාවටම තියෙන එකම මාතෘ කොවිඩ් පොසිටිව් ඒකකය තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කරලා තියෙන්නෙ. මේ වෙනකොට ලංකාවේ මව්වරුන් 80කට වැඩි ගණනකට කොවිඩ් වෛරසය වැළඳිලා තියෙනවා. කොවිඩ් වෛරස් ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ රෝහලේදී දරුවන් බිහිකළා. කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති මට්ටම වාර්තා වුණාම මේ අය නිවෙස් බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.”
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article