spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදීන්ට රජයේ රසායනාගාර මගින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂාවට අවස්ථාව සලසා දෙන්න !

Must read

1585366770-coronavirus-negative_Lමාධ්‍යවේදීන්ට රජයේ රසායනාගාර මගින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂාවට අවස්ථාව සලසා නිරෝධායන ක්‍රියාවලිය වෙනස් ලෙස සැලකීමකින් තොරව සෞඛ්‍ය සේවකයන්ට ද ලබා දිය යුතු යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ අවධාරණය මෙසේය.

මාධ්‍යවේදීන්ද කේෂ්ත්‍රයට ගොස් සිදු කරන්නාවු මෙහෙයට ඔවුන් සදහා නොමිලේ රජයේ රසායනාගාර මගින් PCR පරීක්ෂණ සිදු කරවා ගැනිමේ යාන්ත්‍රණයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමු.
මෙය එක් එක් මාධ්‍ය ආයතනයන් යටතට අයත් නොවන නිදහස් මාධ්‍යවේදීන් සදහාද විවෘත විය යුතුයි.

එසේම විභාග ශාලාවන් ආශිතව සිටින ගුරැවරැන් ඇතුළු ආශිතයන් ගේද PCR පරීක්ෂණ විදිමත්ම සිදු කල යුතුයි.

එසේම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දාහකය හා සම්බන්දව සේවය කල සෞඛ්‍ය කාර්ය සහයකයකු රෝගිවීම නිසා එම සේවකයා යම් අගතියකට පත්ව ඇතිබව වාර්තා වන අතර එය සමස්ත සෞඛ්‍ය සේවාව සදහාම කැලලක් වීමට ඉඩ නොදි,සුදුසු පරිදි ඔහුගේ අවශ්‍යතාවයන් සපුරාලිය යුතුවේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හෝ කොග්ගල ඇති හෝටලයක සුව පහසු කාමර සහිත නිරෝධායනයක් ඔහුට නොලැබෙන බැවින් සහ සමස්ත සෞඛ්‍ය සේවාවමට එම සුව පහසු නිරෝධායනය වන ක්‍රමවේදයක් සැකසීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකිමක් වනු ඇත.

රවි කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෟත්තියවේදින්ගේ ආයතනය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article