spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බණ්ඩාරවෙලදි ශලනිට මොකද වුනේ ? විඩියෝ කරලා වෙබ් වලට විකුණලා

Must read

shalani-tharaka-2-1536x922-1ශලනි තාරකා සහ තවත් රංගන ශිල්පීන් පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වුණා. සමාජ මාධ්‍ය ඔස්සෙත් ඒ වීඩියෝවට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ එක්කම එතැන මොකක්ද වුණේ කියන එක හැමෝටම ප්‍රශ්නයක් වුණා. ඒ හින්දා ඒ සිදුවීම ගැන අග මුල හොයාගෙන යන්න අපි තීරණය කළා.

can you hear me ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා බණ්ඩාරවෙලට ගිය වෙලාවේ තමයි ශලනි ඇතුළු කණ්ඩායමට මේ අකරතැබ්බයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් ඒ රූගත කිරීම් සඳහා සහභාගි වුණේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබුණු පසුබිමක. නමුත් එම කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය නිසි නීතිමය අවසරය අරගෙන තිබුණා. කොහොම වුණත් ඒ වෙලාවේ එතැනට ආව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් මේ කණ්ඩායම වහාම චජර පරීක්ෂාවකට ලක් කළ යුතු බවට තීරණය කරලා තියෙනවා.

කණ්ඩායමේ හැමෝම ඒ වෙලාවේ ඒකට කැමැති වුණා. කවුරුත් ඊට එරෙහිව අරගල කරන්න ගියේ නැහැ. රටේ තියෙන තත්ත්වය හැමෝම තේරුම් අරගෙන තිබුණා. නමුත් ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හින්දා සුළුවෙන් ඉවර වෙන්න තිබුණු සිදුවීමක් බොහෝ දුර දිග ගියා. ඒ වෙලාවේ මොකක්ද වුණේ කියන එක ගැන හරියටම දැන ගන්න අපි ශලනිට කතා කළා.

“රූගත කිරීම් සඳහා අවශ්‍ය සියලු අවසර අරගෙන තමයි අපි බණ්ඩාරවෙල ගියේ. නමුත් ඒ වෙලාවේ එතැනට ආව සෞඛ්‍ය නිලධාරීන් කිව්ව විදියට අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්න අපි හැමෝම කැමැති වුණා. ඒ වෙලාවේ අපි ආව එක ගැන ගමේ අයවත් වෙන කිසිම කෙනෙක්වත් කලබල වෙලා තිබුණේ නැහැ. නමුත් ඔය දර්ශන පටිගත කළ පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් එන්න කලින්ම ඒ ස්ථානයට ඇවිත් හිටියා. ඔහු ඒ හැම දර්ශනයක්ම වීඩියෝ ගත කළා. ඒ වෙලාවේ මායි මාලි ජයවීරගේයි රැඳිලා හිටිය කාමරේට මේ පුද්ගලයා ආවේ දොරට තට්ටුවක්වත් දාන්නේ නැතිව. එවැනි පුද්ගලයන්ට මාධ්‍යවේදීන් කියන්න මම නම් කැමැති නැහැ. මොකද නිරෝධායනයට සම්බන්ධ කිසිම කෙනකුගේ දර්ශන ප්‍රචාරය කරන්න තහනම් කරල රජය නීති පනවලා තියෙනවනේ. ඒ කිසිවක් මායිම් නොකර තමයි ඒ පුද්ගලයා ඒ සියල්ල වීඩියෝ කළේ. ඊට පස්සේ ඒ දර්ශන ඔහු වෙබ් අඩවිවලට විකුණලා තියෙනවා. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපේ නිෂ්පාදන කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා දැනට මීට වඩා දෙයක් මට කියන්න බැහැ.” ඒ සිද්ධිය ගැන ශලනි අපි එක්ක කිව්වේ එහෙමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩී ගමගේ මහත්මයත් අදාළ සිද්ධිය දැඩිව විවේචනය කරලා තිබුණා. ලංකාවේ වෙබ් මාධ්‍යකරණය විනාශ කිරීමේ අරමුණෙන් මෙවැනි කටයුතු සිදු කරන බව තමයි ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබුණේ.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ සහ නිරෝධායන වන පිරිස් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය නියාමනය කරමින් නීති රීති පනවන්න රජය කටයුතු කළේ මීට මාස කිහිපයකට කලින්. ඒ හින්දා කිසිම මාධ්‍යවේදියෙක් ඒ ගැන නොදැන ඉන්නවා කියලා කියන්න බැහැ. ඒ වගේම ජනප්‍රිය පුද්ගලයන්ට ඒ නීති අදාළ වෙන්නේ නැහැ කියලා එකකුත් නැහැ.

කොහොම වුණත් ශලනි තාරකා ඇතුළු කණ්ඩායමට කොවිඞ් 19 සම්බන්ධ කිසිදු අවදානමක් නොමැති බව තමයි ඔවුන්ගේ PCR වාර්තා මඟින් තහවුරු වුණේ. හැබැයි සිද්ධ වුණු දේත් එක්ක can you hear me කණ්ඩායමේ මානසිකත්වය මේ වෙද්දී තරමක් පහළ වැටිලා. ඒ හින්දා රූගත කිරීම් පොඞ්ඩක් නවත්වලා නැවතත් කොළඹ බලා එන්න කණ්ඩායම තීරණය කරලා තියෙනවා. ඒත් ඉතාම ඉක්මනින් ඔවුන් නැවත බණ්ඩාරවෙල බලා පිටත් වෙන බව තමයි දැනගන්න තියෙන්නේ.

[චන්දන පොන්නම්පෙරුම]
www.infosrilanka.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article