spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුරු,විදුහල්පති, සහ කාර්ය මණ්ඩලවලට මැයි 11 වනදා පාසැල් විවෘත කෙරේ ..!

Must read

school-building-cartoon-school-preschool-national-primary-school-teacher-education-kindergarten-png-clipart( 07.00 pm ) අදියර කිහිපයක් යටතේ පාසල් නැවත විවෘත කර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මැයි මස 11 වැනි දින රාජ්‍ය ආයතන රාජකාරි කටයුතු ආරම්භ කිරීමත් සමග විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි අද දෙරණ වාර්ථා කර තිබේ.

පළමු සතියේ පාසල් විෂබීජහරණය කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා සෞඛ්‍ය හා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහාය ලබාගත යුතු වේ.

ඉන්පසු උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර වැඩිදුරටත් එම පුවතේ සදහන් වන්නේ පාසැල් ආරම්භ කිරිමටත් සමගින් පිළිපැදිය යුතු ප්‍රධානතම කොන්දේසින්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාජ දුරස්ථ භාවය අකුරටම පිළිපදිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

පාසලට ඇතුළු වීමට පෙර සෑම දරුවකුගේම උණ පරීක්ෂා කළ යුතුය.

පාසල් ගේට්ටුව අසල ජල කරාම සවි කර දරුවන් ඇතුළු වීමට පෙර දෑත් සේදීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.

මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වෙයි.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කර සතියකට පසු පස්වැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු ප්‍රාථමික අංශයේ පන්ති කාමර ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ජුනි මස 01 වැනි දින වනවිට සියලු පාසල් යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මුලාශ්‍රය – අද දෙරණ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article