spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෙවුණු පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ 189 ක් ! මිය මුළු ගණන 1016 ක් දක්වා ඉහලට !

Must read

coronavirus mediciඉතාලිමරණ 12චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට බරපතලම විනාශය සිදුකර ඇත්තේ ඉතාලිය තුලය.
ගෙවුණ පැය 24 ක කාලයේදි   චිනය තුල 18 දෙදෙනෙකු මිය යද්දි ඉතාලියේදි ඒ ගණන 189 ක් වි තිබේ.
එය දශ වශයෙන් චිනයට සාපේක්ෂකව එකොලොස් ගුණයක වැඩිවිමකි.
එමෙන්ම මාර්තු 09 දිනයේ 97 දෙනෙකු මිය යද්දි එම ගණන මාර්තු 10 වෙනිදා දිනයේදි  168 ක් බවට පත්ව තිබුණි.
මාර්තු 11 වෙනිදා දිනය තුල මිය ගණන ලෙස 196 ක් වාර්ථා වන්නේ වෛරසය වැළදිමෙන් අනතුරුව එක දිනයක් තුලදි සිදුව ඇති විශාලතම මරණ ගණන ලෙස සලකුණු වෙමිනි.
ගෙවුණ පැය 24 ක කාලය තුල සිදුව ඇති මරණ ගණනද බෙහෙවින්ම වැඩිය.එය ඊයේ දිනයට සාපෙක්ෂව මරණ 9 අඩුවක් පමණි.
මේ දක්වා මිය ගොස් ඇති ගණන 1016 ක් වෙද්දි ඉන් 385  දෙනෙකුම ගෙවුණු පැය 48 ක්  තුල මිය ගොස් තිබිම යනු රට පත්ව ඇති අති බිහිසුණු ඛේදවාචකයෙ තරම පැහැදිලිවම කියාපාන්නක්  වි තිබේ.

මේ අතර අවධානය යොමු කළ යුතු ඊළග ප්‍රධාන කරුණක් වන්නේ දැනට ඉතාලිය තුල අසාදිතයන් 12839 ක්ද සිටිමය.
ඉතාලිය අද පත්ව ඇති තත්වයේ බැරැරුම්කම තේරුම් ගැනිම සදහා වැදගත් වන තවත් එක් කරුණක් ගැන ප්‍රධාන අවධානයක් යොමුකළ යුුතුව තිබේ.
එනම් චීනය තුල ගෙවුණ පැය 24 ක කාලය තුල නව අසාදිතයන් 18 දෙනෙකු පමණක් හමුවෙද්දි ඒ ගණන ඉතාලියේදි 2651 ක් වි තිබිමය.එය සරලව බලන එකසිය හතලිස්ගුණයකින් වැඩිවි ඇති තත්වයකි.
මේ ආකාරයෙන් පිමි පණිමින් වර්ධනය වෙනන කොරෝනා වෛරසය මේ වන විට ඉතාලිය තුල මිනිස් ජිවිත 1016 ක්ද බිලිගෙන හමාරය.
මේ වර්ධනය වෙමින් ඇත්තේ සැබැවින්ම බියකරු යථාර්ථයකි.
මුලාශ්‍රය- www.worldometers.info

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article