spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චමල්ගෙන් ගැලවුණ පොලිසිය සරත්ට, මහින්ද හා නලින්ටත් ඇමතිකම්!

Must read

police( 11.00 am ) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ පැවැති පොලිස් දෙපාර්තමේන්තුව නව කැබිනට් අමාත්‍යංශයක් යටතට පත්කර තිබේ.

පසුගිය නොවැම්බර් 20 වැනිදා අතිරේක ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව සහ තාක්‍ෂණය යන අමාත්‍යාංශ දෙකක් නිර්මාණය කළ අතර, ඔහු සහ ඔහුගේ වැඩිමහල් සොයුරු චමල් යටතේ මීට පෙර පැවති කාර්යයන් කිහිපයක් එම අමාත්‍යංශ වෙත පවරන ලදී

ඒ අනුව ආයතන හතරක් සඳහා නව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වගකිව යුතුය.

ඒවා නම් පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් පුහුණු විද්‍යාලය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායයි.

මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස උසස් කර නව අමාත්‍යංශය ලබා දීමට ඉඩ ඇති බවට මාධ්‍ය වාර්තා පලවීමෙන් පසුවය.

විශ්‍රාමික අද්මිරාල්වරයකු වන වීරසේකර මහතා මේ වන විට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

මේ වන විට පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨම නිලධාරියා වන චන්දන වික්‍රමරත්න මහතා ඊළඟ පොලිස්පති (අයි.ජී.පී.) ලෙස ජනාධිපතිවරයා නම් කර තිබේ.

පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එවකට සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටවූ 57 හැවිරිදි වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ධූරට පත කළේය.

නව තාක්‍ෂණ අමාත්‍යාංශයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළත් කර තිබේ.

නව ඇමතිවරුන් පත් කරන්නේ කවදාදැයි ක්ෂණිකව පැහැදිලි නොවූ නමුත් රජයේ ආරංචි මාර්ග කියා සිටියේ එය ඉතා ඉක්මනින් අපේක්ෂා කරන බවයි.

මොවුන්ට අමතරව තවත් රාජ්‍ය අමාත්‍යවරු 2ක් පත් කිරීමට යන බවද මේ අතර වාර්තා වේ.

එසේ ලැබෙන එක් අමාත්‍ය ධූරයක් මහින්ද සමරසිංහ මහතාට ද අනෙක් අමාත්‍ය ධූරය හිටපු ලංකා සතොස සභාපතිවරයකු වන නලින් ප්‍රනාන්දු මහතාට ද ලබාදීමට නියමිත බව පැවසේ.

සමරසිංහ මහතාට මානව හිමිකම් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා වලට සම්බන්ධ රාජ්‍ය ඇමති ධුරයක් ද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ලංකා සතොස සභාපති නලීන් ප්‍රනාන්දු මහතාට වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ අමාත්‍යංශයක්ද හිමිවනු ඇතැයි වාර්තා වේ.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article