spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චිත්‍රාල්ගේ දේශපාලන ගමනට වලකැපූ නිරෝෂන් ???

Must read

මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ අපේක්ෂක නාමයෝජනා ලයිස්තුව තෝරාපත්කර අවසන් වමින් තිබෙන බව  එක්සත් ජාතික පක්ෂයේ නිලනොවන ආරංචි මාර්ග සදහන් කරයි. වෙන්නප්පුව ආසනයෙන් අපේක්ෂකත්වය ලැබෙන්නට නියමිතව තිබූ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ලයිස්තුවෙන් මේ වනවිට ඉවත්කර ඇති අතර අද පෙරවරුවේ දී  ඒ වෙනුවට හලාවත නගරාධිපති  හිලරි ප්‍රසන්න මහතාට නාමයෝජනා ලබාදී තිබේ. ඊයේ  වනවිට චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට නාමයෝජනා ලබාදීමට සූදානමක් තිබූ බවට වාර්තා වූ අතර එය අද පෙරවරුවේදී වෙනස් කොට තිබේ.  චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට නාමයෝජනා නොදී සිටීමට නිරෝෂන් පෙරේරා විසින් ඉදිරිපත් කර ඇති අලුත් තුරුම්පුව හලාවත නගරාධීපති වන අතර  නිරෝෂන් පෙරේරා විසින් මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කරමින්  සිටින්නේ පුත්තලම් දිස්ත්‍රික් ජනතාවගේ හිත දිනාගත්   ජනප්‍රිය තරුණ නායකයෙකුට වන අතර ඔහු දිස්ත්‍රික්කයෙන් 3 වන ස්ථානයට මනාප දිනාගත් පුද්ගලයෙකුටය. ඒ වගේම චිත්‍රාල් ප්‍රනාන්දු තවදුරටත් පළාත් සභාවේ  සිටිය යුතු පුද්ගලයෙක් නොවන බවට තේරුම් ගත් ජනතාවක්ද  පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටින අතර ඔවුන්ගේ ඉල්ලීමටද එජාප නායකත්වය පස්ස හරවා තිබේ. මෙම තීරණය පුත්තලම් දිස්ත්‍රික්කයට විශාල අවාසියක් වනු නියත වන අතර  නිරෝෂන්ගේ මෙම බෙලි කැපිල්ල ඉදිරි මැතිවරණයේදී  ඔහුටම පාරාවලල්ලක් වන බවට  ප්‍රදේශයේ ජනතාව පවසති.

ෆයස් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article