spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලංකාවටත් නිරෝගී වකුගඩු සංචිතයක්

Must read

වකුගඩු රෝගය රජරට පමණක් නොව රටේ අනෙකුත් ප්‍රදේශයන්ද ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති දත්ත වලින් පෙනී ගොස් ඇත.

වකුගඩු රෝගයට ගොදුරු වී ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් දවසින් දවස සීතල මරණය සොයා යන අන්ත අසරණව ප්‍රධාන පෙලේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සියගණනක් සිටිති.මහනුවර ශික්ෂණ රෝහලේ පමණක් රෝගීන් 250ක් පමණ බද්ධ කිරීමට වකුගඩුවක් සොයාගැනීමට නොහැකිව සෝ සුසුම් ලමින් කාලය ගතකරති.

බද්ධ කිරීමට වකුගඩුවක් සොයාගැනීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවෙයි. ඒ ගැන හරි හැටි දන්නේ බදධ කිරීමට වකුගඩුවක් සොයන රෝගියාගේ පවුලේ අය පමණක් යැයි කීවොත් වඩාත් නිවැරදිය.

කෙනෙකුට මුළු ජීවිත කාලයම පවත්වාගෙන යාමට එක වකුගඩුවක් පමණක් හොදටම සෑහෙන බව අවබොධ කරගත් අය එක් වකුගඩුවක් ජීවිතය යදිමින් සිටින අසරණ රෝගියෙක් වෙනුවෙන් දන්දීමට නොපැකිළිව  ඉිදිරිපත් වෙයි. මානව දයාවෙන් පිරි දාන පාරමිතා පුරන එවැනි උතුම් මනුෂ්‍යයන් බොහොම විරලය. බද්ධ කිරීමට වකුගඩුවක් සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මුලින්ම කිවේ ඒ නිසාය.

මෙලෙස බද්ධ කිරීමට වකුගඩුවක් සොයා ගැනීමට නොහැකිව ළතවෙන සෝ සුසුම් හෙළන රෝගීන්ට වකුගඩුවක් සොයාදීමේ සුවිශේෂී මෙහෙවරකට වෛද්‍ය අබේසිංහ මහතාද, හෙද නිලධාරී අනුර රත්නායක සහ ජයවර්ධන මහතාද අතගසා ඇත. මෙම සද්කාර්‍ය සාර්ථක කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේද පූර්ණ සහය ලැබී තිබේ.

හදිසි අනතුරු වලට ලක්වී දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන අයගේ වකුගඩු ශල්‍යකර්මයකින් ඉවත් කරගෙන එම වකුගඩු රෝගීන්ට බද්ධ කර ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමේ හැකියාව ඇති නිසා එවැනි අයගේ වකුගඩු ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය සතියේ විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහලේ පිහිටවනු ලැබීය.විශේෂයෙන් හදිසි අනතුරු නිසා මරණයට පත්වන අයගේ වකුගඩු  ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ගන්නේ පවුලේ අයගේ පූර්ණ කැමත්ත ඇතිවය. ඔවුන්ගේ අකමැත්ත ඇතිව මෙහි කිසිදු ශල්‍යකරමයක් සිදුවන්නේ නැති බව අවධාරණය කල යුතුය. මෙවැනි ඒකකයක් ශ්‍රිලංකාව තුල පිහිටුවා ඇත්තේ පළමු වතාවටය.හදිසි අනතුරු වලට ලක්වී දිවයින පුරා පිහිටි රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන අය ගැන සොයා බලා ඔවුන්ගේ ඒ වකුගඩු ලබාගෙන වකුගඩු රෝගීන්ට බද්ධ කිරීමට ලබා දීම මෙම විශේෂ ඒකකයට පැවරී ඇති ප්‍රධනතම වගකීම වේ.

මේ සංකල්පය මේ වන විට ලොව පුරා දියුණු රටවල් සෑම එකකම පාහේ ක්‍රියාතමක වන දෙයකි. නමත් තුන්වන ලොකයේ රටක් ලෙස ශ්‍රීලංකාවට මෙය තවමත් අළුත් සංකල්පයක් වනවාට සැකයක් නැත. නමුත් අප කල යුත්තේ මේ ඒකකය පිළිබදව සෑම දෙනාවම දැනුවත් කර දිවයින පුරා පිහිටි සියළුම රෝහල් වල මෙවැනි වකුගඩු  සංරක්ෂණය කරන  ඒකක පිහිටූවීමට කටයුතු කිරීමයි. එලෙසම තමන් මිය යන විට කිසියම් රෝගී තත්වයක් නැතිනම් තමන්ගේ වකුගඩු හා අනෙකුත් බද්ධ කල හැකි ඉන්ද්‍රියයන් මෙවැනි ඒකක වෙත ලබාදීමට ජනතාව පෙළඹවීම හා ඔවුන් දැනුවත් කිරීමත් විශේෂයෙන් මෙහිලා සිදු කිරීම වැදගත් වන්නේය. මරණයෙන් පසු පසට එකතු වන මේ ඉන්ද්‍රියයන් තවත් අසරණ පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට යෙදවීමට හැකි වීම මේ ජීවිතයේදී කල හැකි විශාලම පුණ්‍යකර්මය වනවාට කිසිදු සැකයක් නැත. එමගින් දිනෙන් දින සීතල මරණයට ලගා වෙන සියදහස් ගණනක් වූ අසරණ රෝගීන්ට නිරෝගී ජීවිතයක් ලබා දීමට පංගුකාරයන් වීමට අප සැම දෙනාගටම හැකි වනු නිසැකය.

වකුගඩු සංරක්ෂණ ඒකකය පිහිටුවා ඇති මහනුවර රෝහල
වකුගඩු සංරක්ෂණ ඒකකය පිහිටුවා ඇති මහනුවර රෝහල

 

images

 

ලංකාදීප පුවත්පතේ තක්සලාව ඇසුරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article