spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චීනයෙන් එන අයට කටුනායක ගුවන් තොටේ වෙනමම පිටවීමේ පර්යන්තයක් !

Must read

 corona

චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටවීම සඳහා වෙනමම පර්යන්තයක් සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුුතු කර තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මගින් හඳුනා ගැනීමේ පහසුකම්ද සහිතව මෙම පර්යන්තය සකස් කර තිබේ

කොරොනා නිසා දැනටමත් 80 ක් මිය  ගිහින්

මේ අතර කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර 3,000කට ආසන්න සංඛ්‍යාවකට රෝගය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට ගෙවී යමින් ඇති චිනයේ නව අවුරුදු නිවාඩු කාලය ලබන ඉරිදා දිනය තෙක් දීර්ඝ කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආරම්භ වූ මූලාශ්‍රය වන හුබෙයිහි වුහාන් නගරය වෙත ඇතුළු වන හා පිටවන සියලු වාහන නවතා දමා ඇති අතර, තවත් නගර කිහිපයක් සංචාරක තහනම් පනවා ඇත.

සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ සඳුදා හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර වෙනත් ස්ථානවල මරණ 4 ක් වාර්තා වී ඇති බවය.

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

තායිලන්තය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් ආසාධිතයන් 41ක් විදේශයන්හි තහවුරු වී තිබේ. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් සිදුවී නොමැත.

කොරෝනා වෛරසය දරුණු උග්‍ර ශ්වසන ආසාදන ඇති කරන අතර නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් ඒ වෙනුවෙන් සොයාගෙන නැත.

බොහෝ මරණ වලට වැඩිහිටි පුද්ගලයින් හෝ පූර්ව ශ්වසන ආබාධ ඇති අය සම්බන්ධ බව මේ වනවිට වෛද්‍ය නිගමනය වී තිබේ.

මුලාශ්‍රය-ada.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article