spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටට නරක නාමයක් ඇතිකරන සැමට තිත.! ගුවන්තොට අවට ත්‍රිරෝද රථ නියාමනයටත් පියවර !

Must read

1580103110-3weel_L

ගුවන් තොටුපල  පුළුල් කිරීමත් සමග මෙම ත්‍රිරෝද  රථ රියදුරන් මුහුණ දෙන ගැටලු  සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් පසුගිය දා  කැඳවා තිබිණි. ඒ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනී.
මෙහිදී ඇමතිවරයා අවධාරණය කර තිබුනේ  කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රිරෝද  රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබි  ඇති බවයි. සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබඳව විදේශිකයන්ට වැරදි හැඟිමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් බවත් ඇමතිවරයා පැවසීය. මේ නිසා මෙවැනි සිද්ධීන් වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවද  ඇමතිවරයා මෙහිදි පෙන්වා දි තිබුණි.

ඒ අනුව ඉදිරියේ දි  කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රිරෝද  රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිල  ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව පැවසු ඇමතිවරයා මෙම ත්‍රිරෝද  රථ සේවාව හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්විම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි පැවසීය. වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවන් සඳහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි අවධාරණය කර සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article