spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙඩි කන්දේ අන්තිම නිවසත් කඩා දමයි. !

Must read

IMG-20200127-WA0024IMG-20200127-WA0023IMG-20200127-WA0021

මීගමුව කලපුව කඩොලාන සහිත දූපත් 13 ක් පමණ ඇති සුන්දර ප්‍රදේශයකි.යි
මෙම දූපත් අතර වෙඩිකන්ද යනු ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානයකි. මෙහි තිබුනු අන්තිම නිවසද ඊයේ (27) වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මැදිහත් වීමෙන් කඩාදමන ලදී .
එසේ කඩාදමා ඇත්තේ මෙම නිවස අනවසර නිවසක් බව පෙන්නා දෙමිනි .
නමුත් මෙම නිවසට පෙර ජීවත්වූ පරම්පරා තුනක පමණ පවුල් මෙහි පදිංචි වී සිටි බව දැනට මේ පිලිබඳව දන්නා ආශා මහත්මිය සඳහන් කරයි.
මේ ගැන නඩු විභාගයක්ද විභාග වෙමින් පවතින බව ⁣මියගිය මේරි ජෙනට් ගේ දුව වන ආශා පැවසීය . මෙය අභිරහස් මරණයක් වූ අතර එහි සුලමුල සොයා ගැනීමට තවමත් ආරක්ෂක අංශ වලට නොහැකිවී ඇත.
මෙහි අවසාන වශයෙන් පදිංචි වූ පවුල වූයේ මුන්නක්කරයේ ඇන්ටනි ප්‍රනාන්දු සහ මේරි ජෙනට් යන දෙදෙනාය. පසුගිය දි⁣නෙක ඈ කිසිවෙකු විසින් ජීවිතක්ෂයට පත්කරන ලදී . ඒ වෙඩිකන්දේ ඉහතකී නිවසේදීය.
සුනාමි ව්‍යසනයට පෙර මෙම දූපතේ තිබුනු නිවසට ගොඩ බිමින් යාහැකිව තිබූ බව ආශා මහත්මිය සඳහන් කරයි.නමුත් අද එහි ගමන් කිරීමට ඔරුවක් අවශ්‍යවේ. කෙසේ නමුත් වෙඩිකන්ද දූපතේ දැන් මිනිස් වාසයක් නැත .
මෙම දූපතේ ජීවත්වූ මිනිස්සු ආවාහ විවාහ සිදු කරමින් , දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් සහ විවිධ කටයුතු වල යෙදෙමින් මෙම ස්ථානයේ ජීවත්වූ බව සඳහන් වේ. තවමත් මෙම ස්ථානයට යන ඇන්ටනි මෙම නිවස අතුගා පිරිසිදු කර නැවත පැමිණෙයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article