spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මිගමුව මහනගර සභාවද ?

Must read

NImal lansa new picගෝඨාභය රාජපක්ෂගේ හෝ ඔහු විසින් ඔසවා තබන්නට උත්සාහ කරන වියත් මගේ පිළිවෙලට කිසිසේත්ම නොගැලපෙන අයුරින් ලංකාවේ පළාත් පාලන ආයතන මේ දිනවල එහෙම පිටින්ම පොහොට්ටු මැතිවරණ මෙහෙයුම් කාර්යාල බවට පත්ව තිබේ.
ඒ කිසිදු සදාචාරයකින් තොරවය.
මේ අතර නිමල් ලංසා  සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බවට මහනගර සභාව පත්කර ගැනිමෙන් නොනැවති එහි නගරාධිපතිවරයාටද දැන් අදින්න පටන් ගෙනය.
නිලධාරින් කැදවා සිය දේශපාලන හෙංචයින්ගේ සකලමනා වැඩකටයුතු කර දෙන ලෙස නියෝග කර සිටින බව සැලය.
බස්නාහිරට ඇත්තේ ගෝඨාබය රාජපක්ෂ ජනපතිගේ වියත්මගේ ආණ්ඩුකාරවරියකි. ඇයටද මේ සදාචාර විරෝධි ක්‍රියා පෙනෙන්නේ නැති ගානය.
ඉතින් ගෝඨාබය විසින් රටට සපථ කළ සිස්ටම් චෙන්ජ් කථාව මිගමුවේදි නම් එහෙම පිටින්ම පට්ටපල් බොරුවක් බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article