spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චීවරය අපිරිසිදුකරන චීවරධාරියා

Must read

අක්කරපනහ  සමෘධිගම  ජයසුදර්ශනාරාමයේ   විහාරාධිපති   විසින්    කුඩා   සාමනේර   නමක්  අපයෝජනයට  ලක්කිරීමේ චෝදනාවට ලක්වූ අතර  ජනවාරි 16- වන දින භික්ෂූන්වහන්සේව අත්අඩංගුවට  ගෙන  උසාවියට  ඉදිරිපත්  කරන ලදී.
ඒ  සඳහා  සහ  ඊට  පෙර  සිදුවු  මෙවැනි  සිදුවීමක්ද  පදනම්  කරගෙන ඔහුට එරෙහිව නඩු  දෙකක්  පවතින  නමුත්  මෙම  චීවරධාරියා   තවමත්  සමෘධිගම  තුළ  අශෝභන  ලෙස  හැසිරෙන  බව  ප්‍රදේශවාසීන්  පවසති.  මේ අනුව  මෙම  හිමිනම  පංසලේ   යකදුරෙකු   නවතා  ගනිමින්  තමන්ට  පක්ෂපාතී  නොවන්නන්ට  විරුද්ධව  විවිධ  අකටයුතු  දේවල්  සිදුකරන  බව ඔවුන් පවසයි.
මෙවැනි  එක්  අවස්ථාවක   ප්‍රදේශවාසීන් විසින්  119 පොලිස්  ඒකකයද  කැඳවා  තිඛේ. එසේම කටාන  පොලීසියට ද   ඔවුන්  මේ බව  දන්වා ඇති අතර  මේ සඳහා   ඉරිදා  දිනයක  රැස්වීමක්  යොදාගෙන  සාකච්ඡා  කිරීමටද  තීරණය  කරගෙන  ඇත. එසේම  ප්‍රධාන  පංසල වන අගුරුකාරමුල්ල  පංසලටද  ගමේ  පිරිසක්  ගොස්   මේ ගැන  සාකච්ඡා  කරඇත. මෙය  සංඝ සමාජයට  කරන අවමානයකි.  ගමේ  කිහිපදෙනෙක්  මෙම හිමිනම   සමග  සම්බන්ධව  සිටින  හෙයින්  ගමේ  බෙදීමක්  වියහැකි  බැවින් , ඉක්මනින්  මේ සඳහා   විසඳූමක්  අවශ්‍ය බව   ප්‍රදේශවාසීන්  පවසති.


ජස්ටින්  ආරච්චිගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article