spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවට කුරුසියක් වී ඇති මුන්නක්රයේ කුරුස පාලම .

Must read

IMG-20200128-WA0032IMG-20200128-WA0028

මීගමුවේ , මුන්නක්රය සහ සිරිවර්ධන පෙදෙස යන ගම් දෙක යාකරන පාලම සිරිකුරුස පාලමයි. එය අබලන්ව ඇති බැවින් ගම් දෙකෙහිම සිටින ජනතාව මේ සඳහා වගකිවයුතු අය සහ දේශපාලකයින් හමුවී ප්‍රශ්ණය සාකච්ඡා කළ අතර පෙත්සම් , උද්ගෝෂණ , ආදිය නිසා මේ පිළිබඳව පසුගිය කාලය තුළ යම් උනුසුමක් තිබින .නමුත් මේවනවිට ඇත්තේ දැඩි නිහඬ බවකි.නමුත් පාලමේ තත්වය ක්‍රමානුකූලව බරපතල වන බව නම් පැහැදිළිය. මේ ගැන ඊට අදාල පිරිස සමඟ කෙටි කතාබහක යෙදුනේ එකී බරපතල තත්වය තුළ අවධානමක් පවතින හෙයිනි .
පළමුව මේගැන අදහස් දක්වමින් කතාකළේ ධීවරයකු වන ග්‍රේෂියස් මහතාය.IMG-20200128-WA0023
දැන් ඕක යටපත්වෙල තියෙන්නෙ . කිසිම කෙනෙක් කතාකරන්නෙ නෑ. හෙට අනිද්දා ළමයෙක් දෙන්නෙක් වැටුනම තමයි අායෙ ගමේ කට්ටිය උනන්දු වෙන්නෙ පාලම හදන්න කියල . අපි උද්ගෝෂණය කරා, සිරසට වීඩියෝ කරල යැව්වා . ඉංජිනේරු මහත්වරු දෙන්නෙක් , තුන්දෙනෙක් , නගරාධිපති ඇවිල්ල බලල තියෙනවා .IMG-20200128-WA0034
IMG-20200128-WA0030බර වාහන යනව. ගාමන් වල බස් යනව 5ක් ළමයි අරගෙන. දැන් එක පැත්තක් පාත්වෙල පුපුරල තියෙන්නෙ . කොයිවෙලේ කඩාගෙන වැටෙයිද දන්නෙ නෑ . වාහනත් එක්කම කඩා වැටෙන්න පුළුවන් . අපේ මිනිස්සුන්ට උනන්දුව තියෙන්නෙ එක වෙලාවකට විතරයි .
ඡන්දයක් එනකොට ඔය පාලම තමයි මුල් කරගන්නෙ. පාලම හදනව කියල කී පාරක් කියල තියෙනවද .IMG-20200128-WA0032
ධීවර නායකයෙකු වනජෝන් සිරිල් මහතා කියන්නෙ ඉස්සර මෙතන පාලමක් තිබුනේ නෑ කියලයි. ඇලමගක් තිබිල නෑ . ඒනිසා පාලමක් අවශ්‍ය වෙල නෑ. නමුත් ඒකාලෙ වැස්සට මුන්නක්රය වතුරෙන් යටවෙන නිසා ඇලමගක් කැපුව බවයි ජෝන් සිරිල් මහතා කියන්නෙ .මුලින් ලෑලි පාලමක් තිබුනු බවත් , පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටි සිරිවර්ධන මහතා තමයි පාලම හදවල තියෙන්නෙ . ඔහුගෙ නම තමයි පාලමට දාල තියෙන්නෙ .
කෙසේ නමුත් පාලම ඉක්මනින්ම හැදිය යුතුබවත්, නැතිනම් විශාල අනතුරු වලට මුහුණ දීමට සිදුවන බවත් තමයි ඔවුන්ගේ අදහස වෙන්නෙ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article