spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවට තොරුතුරු දැන ගැනිමේ අයිතියක් තියෙනව.විපක්ෂ නායක රොයිස් විජිත

Must read

මීගමුව මහා නගර සභාවේ මැයි මස මහා සභා රැස්විමේදී මීපුර පුවත්පතේ අප්‍රේල් කලාපයේ පලවූ ලිපියක් සමිබන්ධයෙන් ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා විසින් සභාවට යෝජනාවක් ගෙන එන ලදී. එම යෝජනාව මෙසේයි. ….

” මීපුර පුවත්පතේ අපේ‍්‍රල් කලාපයේ ” ගුරුගේ ගේ සිහිනය සහ අපේ මංතී‍්‍රලා ” යන සිරස්තලය යටත් විශේෂ ලියුම්කරුවෙකු විසින් ඉදිරිපත් කර ඇති පදනම් විරහිත තොරතුරු හේතුවෙන් මගේත් ගරු මංතී‍්‍රවරුන්ගේත් ගරුත්වයට ඇති වී ඇති හානිය ගැන හා මීගමුව ජනතාව නොමඟ හරිමින් කර ඇති මෙම ප‍්‍රකාශයට සභාවේ දැඩි අප‍්‍රසාදය පලකල යුතු යැයි  මෙම සභාව යෝජනා කරන්නීය”.

 

මෙම යෝජනාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව නගරාධිපතිවරයා සිය කරුනූ දැක්වීම සිදු කලේය.

 

නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා –

මම මේ යෝජනාව මේ සභාවට ඉදිරිපත් කලේ යම් ආකාරයක නිවැරදි කිරීමක් කරන්නයි. මොකද නැතිනම් මේ පිලිබදව යම් සැකයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒවාගේම මම ඇත්තෙන්ම කනගාටු වෙනවා. මොකද මේ සිදුවීම අපි සකාච්ඡාවට ගැනුනේ පසුගිය මහා සභාවේ කාරක සභා අවස්ථාවේදී. එහිදී මේ ගරු සභාවේ මාධ්‍යවේදීන් සිටියේ නැහැ.

ඒ වෙලාවේ මේ මීපුර පුවත් පතේ මාධ්‍යවේදී මහතා හිටියේ නැහැ.එම නිසා මෙම කරුණු කාරණා පුවත් පතට සපයලා තියෙන්නේ අපේ ගරු මංතී‍්‍රතුමෙක් . ඒක නිසා ඒක ගැන ඇත්තෙන්ම මම කනගාටු වෙනවා. මේ ලිපියේ යම් යම් තැන්වල නිමල් ලංසා ඇමතිතුමාට තමයි ගහලා තියෙන්නේ. අපි දන්නවා මීපුර පත්තරේ නිමල් ලාංසා ඇමතිතුමාට එලෝ එලෝ ගහනවා කියලා.

එහෙත් මේ කාරණාව ගැන නිමල් ලාංසා ඇමතිතුමා වචනයක් වත් දන්නේ නැහැ. ඒක නිසා මම නැවතත් කනගාටු වෙනවා අපේ සභාවේ ගරුත්වය ගැන නොසලකා අපේ සභාවේ මංතී‍්‍රතුමෙක්ම මේ විස්තර මේ පුවත් පතට පත් කිරීම ගැන.

අපි මේ හැමිල්ටන් ඇලේ බෝට්ටු සේවාවකට ගුරුගේලාට අවසර දුන්නේ තාවකාලිකව මාස 06 කට යම් අත්හදාබැලීමකට පමනයි. මේ ඇල ශුද්ධ පවිත‍්‍ර කරලා ඇල මාර්ගය හදලා ගන්න ලක්ෂ 3000 ක් සංචාරක අමාත්‍යාංශය මගින් වියදම් කරලා තියෙනවා. මෙහි තවත් සංවර්ධන වැඩ කරන්න තවත් ලක්ෂ 750 ක් විතර වැය වෙනවා. එහෙම කරලා එය මීගමුව මහා නගර සභාවට ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා. මේ බෝට්ටු ප‍්‍රවාහන සේවාව කි‍්‍රයාත්මක කරද්දී මතුව එන ප‍්‍රශ්න හදුනා ගන්නත් ඒවාට යම් යම් පිලියම් සොයන්න අවශ්‍ය වෙන නිසා තමයි මෙම සේවාව මාස 06 කට පමනක් තාවකාලිකව ගුරුගේලාට තද බල කොන්දේසි ගනනාවක් යටත් ලබා දීලා තියෙන්නේ. ගුරුගේලා ගේ වෙන වෙන ප‍්‍රශ්ණ ඒකාලයේ තියෙන්න ඇති. මම ඒවා නැහැ කියන්නේ නැහැ. ඔහු කලපුවේ දුපතක හෝටලයක් ඉදි කිරිමේ කටයුතු වැනි දේවල් තියෙන්න ඇති. නමුත් මේ බෝට්ටු සේවාවට ඒ කරුණු කාරනා යොදා ගැනීමට උවමනා නැහැ. මම නැවතත් මෙය ප‍්‍රකාශ කරනවා මෙය ලබා දුන්නේ කෙටි කාලයකට අත්හදා බැලීමකට පමනයි.  මෙම ලිපියේ එක් තැනක සදහන් වෙනවා, ”මීගමුවේ දේශපාලන කුටුම්භයක මඞ් තර කර ගැනීම වෙනුවෙන් හෝ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයාගේ ඩොලර් ගිණුම් තර කිරීම වෙනුවෙන් මේ ප‍්‍රතිලාභ වෙන් නොවිය යුතුයි ” කියලා. අපි දන්න විදිහට ලංකාවේ මුදල් වෙන්නේ රුපියල් ශත. හැබැයි මේ පුවත් පතේ මේ ලිපිය ලියන විශේෂ ලියුම්කරු පසුගිය කාලයේ ජීනිවා ගිහින් අපේ රට ගැන කථා කරලා රාජ්‍ය නොවන සංවිධාවන වලින්  ඩොලර් ගන්න අයයි. මොකද මම මේ ලියුම්කරු සමග එකට තේ බීපු කෙනෙක්. ඒක නිසා මම ඉල්ලා සිටිනවා. කරුණාකරලා මේ ගැන කුහකත්වයෙන් බලා කටයුතු කරන්න එපා කියලා. වැදගත් මාධ්‍ය කරුවෙක් නම් මාගෙන් අහන්න තිබුණා. නමුත් එලෙස නොවුන නිසා තමයි මේ විදිහට මට කරන්න සිද්ධ වුනේ. අනෙක මම දන්නවා මේ විස්තර මේ පුවත් පතට ලබා දීපු අපේ මංතී‍්‍රතුමා කවුද කියලා.මේ විස්තර මේ පුවත්පතට දුන්න මංතී‍්‍රතුමා ඇජැන්ඩා එක පිටින්ම යි මේ මාධ්‍යකරුවාට ලබා දීලා තියෙන්නේ. ඒක නිසා මේ සභාවේ ගරු මංතී‍්‍රතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා තමුන්නාන්සේලා මාධ්‍යකරුවෝ වෙන්න යන්න එපා.  ඒක නිසා මම නැවතත් කියනවා මේක ලබා දීලා දුන්නේ අත්හදා බැලීමක් කරන්න පමනයි. මම මේ යෝජනාව ගෙනාවේ කා සමගවත් පෞද්ගලික කරහකට නෙමෙයි. මාධ්‍ය අපේ කාර්්‍යයන් විවේචනය කල යුතුයි. ඒ විවේචන සාධාරණ විය යුතුයි. ඒක නිසා මම නැවතත් ඉල්ලා සිටිනවා, පුද්ගලයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා.

නාගරීක මංතී‍්‍ර කැලිසන් ජයකොඩි මහතා(එජාප)-

ගරු නගරාධිපතිතුමෙනී. ප‍්‍රථමයෙන්ම ඔබතුමා මේ ගෙනා යොජනාව ඉතා හොඳ යෝජනාවක් ඒ සඳහා මාගේ ප‍්‍රසාදය පල කර සිටිනවා.

මේ මීපුර පුවත් පත මේ ගරු සභාවේ මංතී‍්‍රවැරුන්ගේ හොඳ නම කිළිටි කිරිමේ ව්‍යාපාරයක කාලයක සිට නිරත වෙනවා. මේ සභාවේ සිටින්නේ ඉතා හොදින් වැඩ කරලා ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච ජනතා නියෝජිතයොයි. එවැනි පිරිසකගේ තමයි මේ නම් කැත කරන්න හදන්නේ. මා සම්බන්ධවත් පසුගිය කාලයේ මේ පුවත් පතින් නොහෙකුත් අපවාද අවලාද සදහන් කරලා තිබුණා. අපි වාගේ අහිංසක නිර්දෝෂී පුද්ගලයින්ට මේ මාධ්‍යවේදීන් පහර දෙනවා. මෙවැනි දේවල් අපේ පෞද්ගලික ජීවිතය සදහා විශාල බලපෑමක් කරනවා. ඒක නිසා ගරු නගරාධිපතිතුමෙනී. ඔබතුමාගේ සහ සභාවේ සියළු මංතී‍්‍රවරුන්ගේ හොද නම ආරක්ෂා කිරීම සදහා ඔබතුමා මේ ගෙනා ආ යෝජනාවට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

නාගරික මංතී‍්‍ර සේපාල මොරවක මහතා (එජනිස) –

මෙවැනි දේ ප‍්‍රචාරය වීමෙන් ජනතාව නොමග යැවෙනවා.  අපේ මේ තේමාව වී ඇත්තේ මීගමුව සංචාරක පුරවරයක් කිරීමයි. ඒ අනුව මීගමුව රම්‍ය නගරයක් කිරීම තමයි අරමුණ . එලෙස අපි කටයුතු කරන කොට මේ ආකාරයෙන් මංතී‍්‍රවරුන්ව යොදා ගෙන මඩ ගැසීමක් විදිහටයි මම මේක දකින්නේ. නාගරික මංතී‍්‍ර මන්ඩලයටම මඩ ගැසීමක් මේක.  මේ ඇල මෙතෙක් සංවර්ධනය නොවූ ඇලක්. රම්‍ය නගරයක් කරන්න තමයි ඉදිරියේදී බෝට්ටු සේවාවක් මෙහි කි‍්‍රයාත්මක කරන්නේ. මේක ව්‍යාකූලව පෙන්වලා ජනතාව නොමග යවලා. මේක ගුරුගේ සමාගමට අපි තාවකාලිකවයි ලබා දෙන්නේ. මුල්ම වතාවට කරන නිසා අපිට කෙලින්ම ටෙන්ඩර් ගන්න බැහැ. අපි මාස 06 කින් පසු ටෙන්ඩරයකට යනවා. මේ බෝට්ටු සේවාව කි‍්‍රයාත්මක කරද්දී සිද්ධවෙන අඩුපාඩු ප‍්‍රශ්ණ අපි දැනගත යුතුයි. ඉන් පසු ඒවා සකස් කල යුතුයි. ඊට පසු අපිට ටෙන්ඩර්යකට යන්න පුළුවන්.

ඒක නිසා අපි මීපුර පුවත් පත ගැන අපි කනගාටු වෙනවා. මේ  නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්තී‍්‍රවරුන්ගේ ගරුත්වය පිලිබද ප‍්‍රශ්නයක්. ඒ නිසා මේ සභාවේ ගරු නගරාධිපතිතුමා ඇතුළු සියළු මංතී‍්‍රවරුන් තමයි උත්තරීතරයි. ඒ නිසා මීපුර පුවත් පතට කියනවා ඒවාගේම ඉල්ලා සිටිනවා ගරු නගරාධිපතිතුමා ඇතුළු මංතී‍්‍රවරුන්ගේ මේ වැඩ පිලිවෙල හරියට සිද්ධ වෙනවාද නැද්ද කියා බලන්න. මෙය ඇත්තෙන්ම කාලෝචිත යෝජනාවක් ලෙස මා ප‍්‍රකාශ කරනවා.

විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු මහතා (එජාප – )

මෙවැනි කටයුත්තකදී විනිවිද භාවයකින් යුතුව අපි කටයුතු කල යුතුයි. එලෙස අපි කටයුතු කරනවානම් මෙවැනි පුවත් පත් ප‍්‍රකාශ ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ.එමෙන්ම මෙවැනි දේ මුල්‍ය රෙගුලාසි සහ නීති ප‍්‍රකාරව සිදු කල යුතුයි. මෙම පුවත්පතේ මෙම ලිපිය ලිවිමේදී මේ ගුරුගේ ව්‍යාපාරය හා සම්බන්ධ මීගමුව තුල  පසුගිය කාලයක් මු`ඵල්ලේ සිදු වුන සිදුවීම් මෙම ලිපියට අන්තර්ගත වී තිබෙනවා . ඒ කාලය තුල සිදු වු මෙම ගුරුගේ ව්‍යාපාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක කතා පැවතුනා. ඒක නිසා මෙම ලිපිය පලකරන මාධ්‍යවේදියා ඒ ඉතිහාස ගත කරුණු  හා සිදුවිම් අනුව කටයුතු කරලා තියෙනවා කියලයි මම හිතන්නේ. මම නම් කියන්නේ ගරු නගරාධිපතිතුමෙනී මේ ප‍්‍රශ්නයේදී මේ වාගේ සභාව තුල යෝජනා දාලා එසේ නොකර ඔබතුමාට තිබුනා මාධ්‍ය සාකච්ඡාවක් කැදවා වරදක් අසත්‍යයක් තියෙනවා නම් නිවැරදි කරගන්න. එසේත් නොමැතිනම් ඒ පුවත් පතටම ප‍්‍රකාශයක් දිලා ඒය පල කරගෙන ඒ වරද හරිගස්සාගන්න.

අපි විපක්ෂයක් හැටියට එදා මේ බෝට්ටු සේවාව ගුරුගේ ව්‍යාපාරයට දෙන්න යෝජනා කරද්දී අපි කිව්වේ මෙය නීත්‍යානුකූලව සිදු කල යුතු බවයි. එහෙත් ඔබතුමා මෙය තාවකාලිකව අත්හදා බලන්න මාස 06 කට ගුරුගේ ව්‍යාපාරයට දෙමුයි යොජනා කලාම අපි ඒ සදහා එකගතාව පල කලේ ඔබතුමාට ගරු කිරීමක් හැටියටයි.

එහෙත් අපි එලෙස 06 මාසයකට එහෙම අත්හදා බලන්න දුන්නත් ඒක නීති විටරෝධීයි. මේ පුවත් පත මීගමුව නගරයේ හොද දේශපාලකයන් බිහිකරන්න උදව් වුන පුවත් පතක්. පසුගිය ඡන්ද කාලයේ අපි දැක්කා මේ සමහර මංතී‍්‍රවරු මේ පුවත් පතේ ඡයාරූප දාලා තිබුනා. අපෙත් දාලා තිබුනා.

ඒක නිසා ලියුම්කරුවන්ට ලියන්න පෑන් තීන්ත අපි සපයන්න උවමනා නැහැ කියලයි මම නම් හිත්න්නේ ගරු නගරාධිපතිතුමෙනී. දැන් ඔබතුමා කියනවා මේ සභාවේ රහස් එලියට යනවා කියලා. මෙහේ විතරක් නෙමෙයි කැබිනට් මන්ඩලයේ පවා රහස් එලියට යනවා . ඒවාගේම මාධ්‍යටත් යනවා.

ජනතාවට ඇත්තෙන්ම අයිතියක් තියෙනවා තොරතුරු දැනගන්න. එල්. එල්. ආර්. සී. කොමිසමේ වාර්තාව හරහා ගරු ජනතාධිපතිතුමත් මේ වෙද්දී කටයුතු කරලා තියෙනවා තොරතුරු දැනගැනිමේ අයිතිය සම්බන්ධව පනත කි‍්‍රයාත්මක කරන්න.

නාගරික මන්තී‍්‍ර කපිලනන්ද සුලෝචන මහතා (එජනිස)

නගර සභාවේ කටයුතු සිදු කරද්දී නිසියාකාරව ක‍්‍රමවේදයකට සිදු විය යුතුයි. අපි එවැනි නිසි විධිමත් ක‍්‍රමවේදයකට කටයුතු කලා නම් මෙවැනි පුවත් පත් වල පල වන ලිපි ගැන ප‍්‍රකාශ ගැන කලබල විය යුතු නැහැ. අපිට අවශ්‍ය නම් ඒ පුවත් පතට ලිපියක් යවන්න තිබුනා .යම් දෝෂයක් හෝ අඩුපාඩුඅවක් වෙලා තිබුනා නම්. මම නම් හිතන්නේ මේ වාගේ දේකට අප එතරම් කලබල  විය යුතු නැති බවයි.

කොහොම වුනත් මම මේ පුවත්පත අගය කරනවා කෑමට බීමට ලියන්නේ නැති පුවත් පතක් විදිහට. ගරු නගරාධිපතිතුමෙනී, අපි මේ සභාව තුල කෙතරම් ජනතාවට නගරයට යහපත් දේවල් කථා කලත් සමහර මාධ්‍යවේදීන් ඒවා පල කරන්නේ නැතිව ඒවා විකෘති කරලයි පල කරන්නේ. නමුත් මේ පුවත් පත එහෙම නොකරන නිසාත් , විශේෂයෙන්ම මගේ ප‍්‍රකාශ ඒ ආකාරයෙන්ම පල කරන නිසාත් මම මේ පුවත් පත අගය කරනවා.

 

නාගරික මන්තී‍්‍ර වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා (එජාප)

– මම මේ පුවත්පත ගැන දැන ගත්තේ ඡන්දේ දිනලා මාස 02 ක් විතර ගියාට පස්සේ. එහෙත් මම මේ පත්තරේ බලන්නේ නෙට් එකෙන් . ඒක නිසා මේ පුවත් පතේ පල වෙලා තිබුණ මේ ලිපිය දැක්කේ නැහැ. හැබැයි මේ පුවත් පත මීගමුව නගරයේ ජනතාව ඉතාම උනන්දුවෙන් කියවනවා. ජනතාව විස්වාශ කරනවා මේ පුවත් පත ගැන. බොරු නොකියන පුවත් පතක් කියලත් ජනතාව තුල ලොකු විස්වාශයක් තියෙනවා මේ පුවත් පත ගැන. මේ ලිපිය අනුව මේ බෝට්ටු සේවාව ලබා දීම සම්බන්ධව ගත් කල මේ පල කරලා තියෙන ලිපිය මේ සභාවේ ඉන්න නගරාධිපතිතුමා ඇතුළු මංතී‍්‍රවරුන් වන අප ඔක්කෝටම වැදිච්ච පහරක් විදිහටයි මම මේක දකින්නේ. මේ බෝට්ටු සේවාව තාවකාලිකව අපි ලබා දුන්නත් දෙගිඩියාවක් තියෙනවා, ආයෙත් ඒක ආපිට අපිට ලැබෙයිද කියලා. අපි වැරැද්දක් කරලා තියෙනවා කියලා මට හිතෙන්නේ මේ කටයුත්තේදී.

මේ මීපුර පුවත් පත අද අපිව යම් මාවතකට තල්ලූ කරලා තියෙනවා. මම හිතන්නේ අපි අපේ අතින් සිදු වෙලා තියෙනවා නම් යම් වරදක් ඒක හදා ගත යුතුයි, පලමුවෙන්ම. මේ තත්වය ගැන ඇත්තෙන්ම කනගාටුයි. ඒවාගේම නගරාධිපතිතුමා ගැනත් අනුකම්පාවක් ඇති වෙනවා.

 

නාගරික මන්තී‍්‍ර දයාල් නිලංග මහතා (එජනිස)

–  මේ පුවත් පත ගැන එක් මන්තී‍්‍රවරයෙක් මට පැවසුවා මේ පුවත් පත මුදලට චරිත පවා දෙනවා කියලා. මේ ලිපියෙන් අපි දකින්නෙත් එවැනි දෙයක්. මේකේ නිමල් ලාංසා ඇමතිතුමාගේ චරිත ඝාතනය කරලා තියෙනවා කියලා පෙනී යනවා. මේ පුවත් පත මීගමුව පමනක් නෙවෙයි, වෙන්නප්පුව, කටාන වැනි ප‍්‍රදේශවලටත් යනවා. ඒන නිසා මේ ජනතාව ඉදිරියේ හෑල්ලූවට ලක්වන්නේ මේ මුළු මංතී‍්‍ර මන්ඩලමයි. මට ආරංචි විදිහට මේ පුවත් පත මුදලට චරිත පාවා දීලා ඒ ඒ පුද්ගලයාට කියනවා පත්තර ප‍්‍රමානයක් විකුණන්න කියලත්. ඒක නිසා මීපුර පුවත් පතට මම කියන්න කැමතියි මාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කරන්න එපා කියලා .

 

නාගරික මන්තී‍්‍ර සුනිල් සිල්වා මහතා (එජනිස)

මම කියන්න කැමැතියි අපි එජාප පාලන කාලයේදී තමයි මේ හැමිල්ටන් ඇලේ බෝට්ටු ප‍්‍රවාහන සේවාවක් කි‍්‍රයාත්මක කරන්න යෝජනාව ආවේ . මොකද මීගමුව සංචාරක කලාපයක් බවට පත් කරන්නටත්, ඒ සදහා යම් යම් ව්‍යාපෘති යෝජනා රාශියක් යෝජනා වෙලා තිබුනා. මේ යෝජනාව ගෙන ආවේ මීගමුව හෝටල් සංගමයත් ,සංචාරක සංගමයත් එකතුවයි. මොකද මම එහි සභාපතිවරයා හැටියට මම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි මේ යෝජනාව ගෙනාවේ එහෙමයි. නැතිව මේ යෝජනාව නිමල් ලාංසා ඇමතිතුමාවත් වෙනයම් කවුරුවත් හෝ නොවෙයි ගෙන ආවේ. හෝටල් සංගමයත් ,සංචාරක සංගමයත් එකතුව මේ යෝජනාව කරලා කිව්වේ මේ ඇලේ බෝට්ටු දුවන්න මුදලක් අය නොකර  අවුරුද්දක කාලයක් කාට හරි කරන එක්කෙනෙකුට ලබා දෙන්න කියලයි.

 

නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා –

අපි මේක නීත්‍යානූකූලව කරන්න ගිහින් තමයි මේ විදිහට ඇන ගත්තේ. අදත් හැමිල්ටන් ඇලේ සංචාරකයන් අරගෙන බෝට්ටු යනවා. නගර සභාවට අදායමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ගුරුගේ ව්‍යාපාරයටත් එහෙම පුඵවන් බෝට්ටු දාන්න . මොකද ගුරුගේ කියලා කියන්නේ විශාල ව්‍යාපාරිකයෙක්. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ හිතවතෙක්. ජනතාධිපතිතුමා ළගට කෙලින්ම යන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් අයේ අපිට කතා කර කර බෝට්ටු දාන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට පුළුවන් වුනා, එවැනි අයෙකුව අපි විශාල කොන්දේසි ගනනාවකට යටත් කරලා මේ බෝට්ටු සේවාව අත්හදා බැලීමක් හැටියට ලබා දෙන්න.

එහෙම අත්හදා බැලූවොත් තමයි මෙකෙන් කොතරම් ආදායමක් තියෙනවාද කියලා බලාගෙන ටෙන්ඩර් වලට ගනනක් හරි තියන්න හැකි වෙන්නේ. එහෙම නැතිව අපි කොහොමද කිසිම දෙයක් දන්නේ නැතිව මේ වාගේ ව්‍යාපෘතියකට ටෙන්ඩර් මුදලක් යෝජනා කරන්නේ. ඒක නිසා මම නැවතත් කියනවා මේ ගුරුගේ ව්‍යාපාරයට මෙය ලබා දීලා තියෙන්නේ දැඩි කොන්දේසි යටතේ මාස 06 ක් වැනි අත්හදා බැලිමේ කෙටි කලයකට පමනයි කියලා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article