spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතා ප්‍රශ්ණ කිරිම් හමුවේ නාගරික සංවර්ධන අධිකාරිය පැන යයි ?

Must read

මිගමුව මහනගර සභා බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 15 කට ආසන්න ගණනක් ඉඩම් පවරාගැනිමකට ලක්කිරිමේ හැකියාව ගැන සදහන් ගැසට් එක පිළිබදව දැවැන්ත විරෝධතාවය මේ වන විට මතුව තිබේ.
මේ පසුබිම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් පැමිණ අද මිගමුව මහනගර සභාවේදි පැවැති රැස්විමකදි උත්සාහ කර තිබුනේ ඔවුන් කියන දේ විශ්වාස කරන ලෙස ඉල්ලමක්ද කරමිනි.
කෙසේ වෙතත් මෙහිදි පළමුව නැගි සිටි මිගමුවේ හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවිර විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරින් හමුවේ කළ ප්‍රශ්ණ කිරිම් වලට සාර්ථකව පිළිතුරු කිමට ආදල නිලධාරින්ට නොහැකි වු බව අප කළ විමසිමකදි රැස්විමට සභභාගිව සිටි කැපුන්ගොඩ ප්‍රදේශයේ අයෙකු කියා සිටියේය.
තව දුරටත් ඔහු කියා සිටියේ සැබැවින්ම එය පිස්සු රැස්විමක් බවය.
ප්‍රශ්ණයට මුහුන දි සිටින ජනතාගේ සංවිධානවලට හෝ මේ රැස්විම නිසි ලෙසින් දැනුම් දිමට අදාල බළධාරින් කටයුතු කර තිබුනේ නැත.
තතු ඒසේව තිබියදි ජනතා නියෝජිතයන්ට පවා ප්‍රශ්ණ ඇසිමට නිසි අවසර ලැබි තිබුනේ නැත.
ජවිපෙ නාගරික මන්ත්‍රිවරයා මේ පිළිබදව විමසමින් සිටියදි ඔහුගේ ප්‍රශ්ණය මගින් නවතා පැමිණ සිටි නිළධාරින් තවත් රැස්විමකට යාමට ඇතැයි කියා නැගිට ගිය අප කළ විමසුමකදි කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article