


ගමන් පටන් ගමු යන ජනතා විමුක්ති පෙරමුණේ ගම දැනුවත් කිරිමේ වැඩටසහන අද මිගමුව නගර මධ්‍යයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ සදහා ජවිපෙ නායකයන් කිපදෙනෙකුද එක්ව සිටිති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති, ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්, හිටපු පළාත් සභා මන්ත්‍රි ගුරු සංගම් නායක මහින්ද ජයසිංහ සහ හිටපු පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල එක්ව සිටියහ.
පත්‍රිකා බෙදමින් විශේෂයෙන් මිගමුව සතිපොල තුල සිටින මුස්ලිම් දෙමළ සහ සිංහල ව්‍යාපාරික ප්‍රජාවගේද ඉතා හොද ප්‍රතිචාර ජවිපෙ ක්‍රියාකාරින් වෙත ලැබෙමින් තිබේ.
වත්මන් පාලනයේ ආසාර්ථකත්වය තුල මේ නත්තල් සමය එළඹෙමින් තිබියදි පවා බඩු විකිණෙන්නේ නැති බව කඩ ඔහේ ඇරගෙන ඉන්නට සිදුව ඇති බවත් ව්‍යාපාරික ප්‍රජාව විසින් ජවිපෙ නායකන් පවසා තිබුණි.
මිගමුව නගරය පුරාම අද සවස් වරුවේ අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුම්වත් කිරිම සිදුකරනු ලබන බව ජවිපෙ මිගමුව නාගරික මන්ත්‍රි ගාමිණි ප්‍රනාන්දු මිපුරට කියා සිටියේය..


























