spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික වකුගඩු දින සැමරුම ජයවර්ධනපුර මහ රෝහලේදී…

Must read

2

මේ වසරේ මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන මෙවර පවත්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදීය. එම සැරුමේ මෙවර තේමාව වී ඇත්තේ “නිරෝගී වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්” යන්නයි.

ඒ අනුව මාර්තු මස 9 වන දින එනම් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී ශ්‍රී ජයවර්ධණපුර මහ රෝහලේ දී උදේ 8.00 සිට දහවල් 1.00 වන තුරු සම්පූර්ණ වකුගඩු පරික්ෂාවක් හා සායනයක් පැවැත්වීමට නියමිතය.එහිදී අවශ්‍ය සියළුම ලේ පරික්ෂාවන්,මුත්‍රාපරික්ෂාවන් සිදුකරන අතර ඒ අවස්ථාවේදීම එහි ප්‍රථිළුල ලබා දී අවශ්‍යකරන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාවද  පැමිණෙන්නන්ට හැකියාව ලැබෙනු ඇත.

ඊට අමතරව ව්‍යායාම,පෝෂණය,පවත්වාගැනීමට අවශ්‍යවන වැඩමුළුද,අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි වකුගඩු රෝගයට හේතුවන සාධක පාලනය සම්බන්ද වන දැනුවත්කිරීමේ වැඩසටහන් රාශියක්ද මෙහිදී ක්‍රියාත්මක වීමට නියමිතය..

එම අවස්ථාවට සහභාගී වී ඔබගේ වකුගඩු වල නිරෝගී තත්වය රැකගැනීමට අවශ්‍යකරන දැනුම ලබා ගන්නා මෙන් එහි සංවිධායකයන් ආරාධනා කර සිටී.

unnamed

 

 

 

 

 

 

 

 

 

 

1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article