spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෙනුවින් පාක් වතුරේ ගිල්වා දෙපා ඇලේ ගෙල සිරකිරීම

Must read

 

????????????????????????????????????

????????????????????????????????????

‘ ජෙනුවින්’  පාක්  යනු  කටාන  ආසනයට  අයිති  ප්‍රෙද්ශයකි.  මේ අසලම  ඇත්තේ  ගෝමස්  වත්තය. ප්‍රදේශය  මැද  ඇලවල්  දෙකක්  හමුවේ.  එකක්  මහහුණුපිටිය  දෙසින්  එන  අතර  අනෙක්  ඇල  කටුනායක  දෙසින්  පැමිණ  T  අකුරක  හැඩයෙන්  මුණගැසේ.  ඉන්පසු මේ  ඇලවල්  දෙකම එකක්වී  මීගමු  නගරයේ  දෙපා ඇලට  එකතුවී   හැමිල්ටන්  ඇලට  වැටී  මුහුදට  ගලාගෙන  යයි. වැසිදින වලදී  මෙහි  පාරවල්  ඇලවල්  බවට  පත්වේ.  ප්‍රදේශයේ  බහුතරයක්  මුස්ලිම්  ජනතාව  වන  අතර  ඔවුන්ගේ  නිවාස  ලගින් ලඟින්  ගොඩන ඟාගෙන  ඇත. ගංවතුර  ඇති  අවස්ථාවලදී   තම  අවශ්‍යතා  සහා  මෙම  පාරවල්වල  ගමන්කිරීම  අපහසු  කාරණයකි.DSC_0064 DSC_0065

????????????????????????????????????

ජෙනුවින්  පාක්  ප්‍රදේශයේ   ජීවත්වන   මොහොමඩ්  හම්සා  සහ  මොහොමඩ් හසන්  මේ  පිළිබව   අදහස්  දැක්වූයේ  මෙසේය.

මේ  ගමේ  පවුල්  200 ක්  විතර  ඉන්නවා. වැහි  දවස්වලට    කොහොමත්  පයින්  යන්න  බෑ. ළමයින්ට  ඉස්කෝලෙ  යන්නත් බෑ.  මෙහෙ  ළමයි  300 ක්  විතර  අල්හිලාල්  ඉස්කෝලෙට  යනවා.  සපත්තු දාගෙන  කොහොමද  ඉස්කෝලෙ  යන්නෙ.  ඒ කාලෙට  මිනියක්වත්  ගෙනියන්න  බෑ.

අපි  ගමේ  කට්ටිය  එකතුවෙල   හැමෝටම  කිව්ව.  ඇවිත්  බලබල  යනව  මිසක්  කිසිම  දෙයක්  කළේ  නෑ. සල්ලි  පාස් වෙල  තියෙනවලු.  තාම  සල්ලි  ආවෙ  නැහැලු  කියල  එක එක  ඒව  කියනවා. සුදර්ශනී  මැඩම්  ඇවිල්ල  ගියා.  චාමින්ද  මහත්තය  ඇවිල්ල  ගියා. ලලිත්  වනිගරත්න  මහත්තයට  තමයි  මේ  පැත්ත  භාරවෙල  තියෙන්නෙ.  මේ පාර  ඡන්දෙටත්   පොරොන්දු  උනා.  තවම  වැඩක්  කෙරෙන  පාටක්  නෑ.

දළුපත  දෙපාඇල  උඩින්   ෂෙඩ්එකක්  ඉදිකර  ඇත්තේ   මෙවන්  තත්වයක්  තිබියදීය.  අප  මේ  ගැන  කිහිප  වතාවක්  සහන්  කළෙමු.  අඩි 18-20  පළල්වු  මේ  ඇලවල්  එම  ෂෙඩ්  එක  යටින් ගලාගෙන  යන්නේ  අඩි  2 ½ පමණ  වූ  බට  දෙකක්  තුලින්ය.  මේ  අනුව  දෙපාඇලේ  ගෙල  හිරකර  ඇත. ජල ධාරිතාව  වැඩි  නිසා මෙහි  ඇලවල්  දෙකක්  තිබුනද  අද  එක්  ඇලක්  වසා  දමා  යකඩබඩු  කඩයක්  සහා  ඉඩකඩ  සකසා ඇත.  මේ  අනුව  පැහැදිළි  වන්නේ  මෙම  ෂෙඩ්එකත් ,   යකඩබඩු  කඩයත්  ඉහතකී  ප්‍රදේශයන්ගේ   අපල  උපද්‍රවයන්ට  ප්‍රධාන  හේතුවක්  වී  ඇති  බවයි. මේ  අනුව  ඉහතකී  ජෙනුවින්  පාක්,   ගෝමස්  වත්ත, දළුපත  තැබෑරුම්  වත්ත යනාදී  සියළු  ප්‍රදේශයන්හි  ජනතාව  විපතට  පත්වේ.

කරුණු   පෙළගැසී  ඇති  ආකාරයට  ඉහත  සහන්  කළ සියළු  ජනතාව   එකමුතුවී   මේ  සහා  හඩක්  නැගිය  යුතුය.  වැසිදිනවල  දෙන  බත්පැකට්  එකෙන්  මෙම  ප්‍රශ්ණයට  විසඳුමක්  නොලැබෙන  අතර  වගකිවයුත්තන්ද  ඒබව  වටහා  ගතයුතුය.   ජනතාවගේ  මේ සියළු  ප්‍රශ්ණ  ඔවුන්ට  බලය  ලබාගැනීම  සදහා  පාර  කපන  මැතිවරණ  පාරොන්දු  පමණි.  ඒ නිසා  අවධියෙන්  සිටින්නැයි   අපි  ජනතාවගෙන්  ඉල්ලමු.DSC_0062


සැම්සන් ඥානසිරි

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article