spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අඩු වැටුපකට මීගමුව රෝහලම පිරිසිඳු කරන මිනිසුන්

Must read

(11.15am) මීගමුව  රෝහලේ  පවිත්‍ර   සඳහා   යොදවා  ඇති  මිනිස්සු   තම  කාලයෙන්   විශාල ප්‍රමාණයක්  සේවය  සඳහා  කැපකළද  ජීවත්වීම  සඳහා  ඔවුන්  ලබන  වැටුප  ප්‍රමාණවත් ද  යන  ගැටළුව  මීට  පෙරද  අපි  මතුකළෙමු.   සේවකයෙකුට  නියමිත  අවම  වැටුප  පිළිබඳව  මීගමුව  කම්කරු  කොමසාරිස්වරයාගෙන්   විමසූ  විට  ඔහු  ප්‍රකාශ කළේ   එය  මාසිකව  රු. 13500 ක්  බවයි.  මේ  අනුව  කම්කරු  කොමසාරිස්වරයා    සඳහන්  කළේ   දිනකට  රු. 600  ක් නම්  නියමිත  වැටුපට  අදාළ   වන  නමුත්  එ‍ය  රු500 ක් නම්  වරදි සහගත ගෙවීමක්  බවයි.
මීට පෙර අප  කළ  විමසීමකදී   රුග 500  වැටුපට  සේවය  කරන  අය  සිටි බව  පෙනින.  එමෙන්ම  ඔවුන්ට  වැටුප්  වාර්තා  නොලැබුනු  බවත්  ඒ  පිළිබඳව  කම්කරු  කාර්යාලයට   දැනුම් දී  ඇතිබවත්  සඳහන්  කෙරින.  මොවුන්  තමන්ගේ  සුළු  වැටුප  පවා  රැක  ගැනීමට  උත්සාහ  කරන බැවින්  තමන්ගේ  දුක  කිසිවෙකුට  පවසන්නේ  නැතග මේ  පිළිබඳව  රෝහල්    කමිටුව  හෝ  රෝහල්  අධ්‍යක්ෂකවරයා   විසින්   සොයාබලා  කටයුතු  කරන්නේ  නම්  එය  ඔබගේ  වගකීමක්  සේම මේ  මිනිසුන්  වෙනුවෙන්  කරන   යුතුකමක්ද  වනු  ඇත.hosclean

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article