spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ මාළු ලෙල්ලම කාගේද????

Must read

 

(3.45pm) පළාත් පාලන නිතියට අනුව වෙළදාම් පොලක් පවත්වාගෙන යා හැක්කේ පළාත් පාලන අායතනයකට පමණි. එහෙත් ඒ කිසිදු නිතියක් වලංගු නැති මීගමුවේදි ඒවායේ අයිතිය තින්දුවන්නේ ප්‍රදේශයේ ද දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් උඩය.
මීගමුව මහනගර සභාවට අාදායම් ලබන්නට යැයි කිය ජයිකා අායතනය විසින් කෝටි  ගණනක වියදමින් ඉදිකරන ලද මාළු වෙළද පොලේ අයිතිය පැවරි ඇත්තේ වැල්ලවිදිය පල්ලියටය.
මුහුදු වෙරළ සහ මාළු වෙළදපොලක් අයිති ලංකාවේ එකම පල්ලිය මෙය විය හැක.
පල්ලියට මේ ලෙල්ලම පැවරිමේ ඇත්ත උවමනාව කුමක්ද යන්න මීගමුවේ ජනයා එදා සිටම හොදින් දැන සිටියේය
එයට අනුව මේ පොළ පල්ලිය විසින් පසුගිය කාලය තුල බදු දි තිබුනේ  හිටපු ඇමැති නිමල් ලංසා ගේ පියා හටය. වසර ගණනාවක් තිසේ  ඔහු මෙහි බදුකරුය විය.
ජයිකා අායතනයේ අරමුණ වි  තිබුනේ තමන්ගේ අයෝජනයන් හරහා මීගමුවට පිරිසිදු මාළු අලෙවි සැලක් ඉදිකරදිම සහ එහි අදායම නගර සභාවට ලැබෙන සේ කටයුතු සම්පාදනයට ඉඩ ලබාදිමයි.එහෙත් පසුගිය කාලය තුල  මේ දෙකම සිදුනොවුණි.
පිරිසිදු කම අතින් එය අන්තයට පිරිහි ගොස් තිබුණි . එ්වා බලන්නට සෞඛ්‍ය බලධාරින් නිකමටවත් මෙහි ගොඩවදින්නේ නැත.
හේතුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපති මන්ත්‍රිවරයාව කාලයක්ම සිටියේ  මේ පොල බදුකරුගේ බාලපුතු විමයි.
ඔහු නමින් නම් මොසෙස් දයාන් ලංසාය.
දැන් ඔහු මිගමුවේ ජනමතයට පිටින් ආ නගරාධිපතිය.
නගරයට අදායම් සෙවිම සදහා වරිපනම් බදු වැඩිකිරිමට යන නව පාලනය පළමු කළ යුතුව ඇත්තේ මහනගර සභාවට ආදයම් අනිවාර්යෙන්ම ලැබිය යුතුව ඇති ස්ථානය බදුගෙවන ජනයාගේ අයිතියට හෙවත් මහනගර සභාවේ අයිතියට පැවරිමය.
එහෙත් දැන් සිදුවන්නේ මාධ්‍ය සංදර්ශණ පමණි.
එක දවසට එක වැඩක් යනුවෙන් මේ මාධ්‍ය සංදර්ශණ කොයිතරමක් නම් පැවැත්වුවද ඒ එකකින් පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ ලංසා පවුල විසින් මිගමුවට සිදුකර ඇති විනාශය වලකා ලිය නොහැක.
ඇත්ත ප්‍රශ්ණ යටගසන්නට මාධ්‍ය සංදර්ශනකාරයන්ට ඉඩ නොදිමේ වගකිම මීගමුවේ සැබැ හිමිකරුවන් වන බදුගෙවන ජනයාට දැන් පැවරි තිබේ.
අප ඔවුන් සමගින්ය..
එහෙත් ලොන්ඩරිකරණයේ යෙදෙන ලියනප්පුලා මාධ්‍ය සංර්ශණ උඩදමමින් සිටිති.

B


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article