spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වතුරෙන් පීඩාවිඳින සමෘද්ධිගම මිනිස්සු. !

Must read

4415664247_4129da70ec_o(4.10pm) වසර  17 ක්  තිස්සේ   වතුර  නැති නිසා  පීඩාවට  ලක්වී  සිටින  අක්කර  50  ,  සමෘද්ධිගම  ප්‍රදේශයේ  ජනතාව  තවමත්  එම  ප්‍රශ්ණය  මත  අරගලයක නිරතවී  ඇත.
ජෙයරාජ්  ප්‍රනාන්දුපුල්ලේ  ඇමතිවරයාගේ  කාලයේදී  එතුමාගේ  දායකත්වයෙන්  නළලිඳක්  යොදා ගෙන  ඒ  මගින්  මෙම  ප්‍රශ්ණය  විසදා  ගැනීමට  උත්සාහ  කළ  නමුත්   එම  ජලය  පිටතට  ගත්සැනින්  කහපැහැයෙන්  යුතු  වන  හෙයින්   බීමට  ගත  නොහැකි බව  ප්‍රදේශවාසීන්  පවසයි.
මේ  සඳහා  ‘ රන්දියදහර’  ප්‍රජාමූල  සංවිධානය  නමින්   සංවිධානයක්  ගොඩනගාගනිමින්  ක්‍රියාත්මක  වී සිටින  ප්‍රදේශවාසීන්  ජල  ප්‍රශ්ණය  ප්‍රධාන  කොට  ගත්තද  වෙනත්  සෞඛ්‍ය  ප්‍රශ්ණ   කෙරෙහිද  අවධානය  දී ඇතැයි  මෙහි  වත්මන්  ලේකම්  මහතා  අප සමඟ  පැවසීය.
අක්කර  50  සමෘද්ධිගම   නල ළදෙහි   වතුර  කහපැහැයෙන්   යුක්ත  හෙයින්  ඊට  විසදුමක්  ලෙස   සුදර්ශනී  ප්‍රනාන්දු  පුල්ලේ  මහත්මිය  විසින්   ඇයගේ  ප්‍රතිපාදන  මගින්   එම  වතුර  සුදුපැහැයට  හැරවීම  සදහා   අදාල පිල්ටරයක්  වෙනුවෙන්   2017  දෙසැම්බර්  17  දින  රු.  ලක්ෂ  31  වෙන්කළද   ප්‍රදේශ වාසීන්  ඊට  අකමැත්ත  පළකල  නිසා    එම  මුදල්  දෙසැ .  31 වනවිට  ආපසු   ගිය  බැවින්   එම  කටයුත්ත   සිදුනොවූ බව  රන්දිය  දහර  සංවිධානයේ  ලේකම්   අනිල්  මහතා  පවසයි.
කෙසේ  නමුත්    ජල ව්‍යාපෘතියක්   මගින්   ජලය  ලබාදීම  සඳහා  ප්‍රධාන  බට  ලයින්  එක  සකස්  කළද  තවමත්  වතුර  ලැබෙන්නේ  නිවාස  50කට  පමණි..
ගමේ  ඇතුලට  ඇති  පාරවල් වල  වෙසෙන  තවත්  පවුල්  250කට  පමණ  ජලය  නැත.  මේ  සඳහා  වගකිවයුත්තන්   කෙසේ  කටයුතු  කරන්නේ දැයි   ප්‍රදේශවාසීන්   විමසිල්ලෙන්  බලා  සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article