spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදියෙකුට පහරදුන්, ජනමතයෙන් පැරදුන , මිගමු නගරාධිපති !

Must read

Thusan dan MR
(8.15 pm )
මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .

හන්දියක් ගානේ සුරුවම් තිබුනද ඒ සියල්ල මදි යැයි කියා මීගමුව නගරයේ ආරක්ෂාවට යැයි කියා නගර මධ්‍යයේ වු ඔරලෝසු කණුවේ මුදුනෙහිද මරිය මව්තුමියගේ ප්‍රතිමාවක් තබා තිබුණද දැන් මීගමුවේ සිදුවෙමින් ඇත්තේ  මාෆියා තාලේ වැඩය.
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලාද ඇත්තටම කම්පා  විය යුතුය.
නැතිනම් ලැජ්ජා විය යුතුය.
එහෙත් මේ දෙකන් එකක් වත් නොවන බවද අපි දන්නේ මේ සිදුවිම පිළිබදව අවධානය යොමුකරන පියතුමන්ලා සිටියේ ඉතා අතලොස්සක් බැවිනි.
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ගේ ජිවිත 44 ක් බිළිගත් රාජපක්ෂ රෙජිමයේ මැර පාලනයෙන් රට මුදාගැනිමෙන් අනතුරුව යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකු හට එල්ලකරන ලද පළමු ප්‍රහාරය වන්නේද මෙයයි .

FG attack 1

මෙම පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් කරන ජනමාධ්‍යය  කරන්නට යෙදුන මුල් ප්‍රකාශයන්හිදි මෙන්ම පොලිසියට දුන් කටඋත්තරයේද මෙම පහරදීමට මීගමුව නගර සභාවේ උප නගරාධීපති වශයෙන් කටයුතු කරන දයාන් ලාන්සා සහ ඔහුගේ පියා වන පිලේන්ද්‍රන් ලාන්සා යන අයවලුන් සම්බන්ධ බවට තමන් සැකකරන බවට  සදහන් කර ඇත.
ඒ අනුව දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 සහ 077 74 27 714 යන ජංගම දුරකථන අංක වලට ද පිලේන්දුන් ලාන්සා යන අයට අයත් අංක 077 7708609 දරන ජංගම දුරකථන ද සවිස්තර විස්තර වාර්තා ලබාගෙන පොලිසිය විසින් ලබාගෙන ඇත.

මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම් 2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයත් අංක  077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත.

ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත.
තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත්  077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත.

මෙම අනාවරණය වූ අංක 077 7117225 දරණ ජංගම දුරකථන අංකය සහ 072 9942608 දරණ ජංගම දුරකථන අංක වලට අයත් සිම්පත් පරීක්ෂා කිරීමේදී මෙම පහරදිම සම්බන්ධයෙන් පොලිසිය විසින්  අත්අඩංගුවට ගත්  සැකකරු වන අඹගහගේ තුෂාන් ක්‍රිස්මාල් ප්‍රනාන්දු යන අයගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)????????????????????????????????????
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු දයාන් ලංසා බවය.
1.පොලිසි බි වාර්ථාව විසින්ම දුරකථන දත්ත විස්තර මගින් සපයා ඇති කරුණු අනුව අදාල මැරයා සහ දයාන් ලංසා අතර පැය 5.25 තුල දුරකථන සංවාද 16 ක් සිදුව තිබේ.
ඒ වේලාව යනු මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම පවත්වන වේලාවයි. දයාන් ලංසා යනු උප වකට නගරාධිපතිවරයායි.
එසේ නම් මීගමුව මහනගර සභාවේ කම්කරුවෙකුට මහසභා රැස්විම පවත්වන අවස්ථාවේදි උප නගරාධිපතිවරයාට දුරකථන ඇමතුම් 16 ක් ගන්නට තරම් වැදගත් දෙයක් තිබිය හැකිද ?

2.මෙහිදි අපවිසින් මතුකරනු ලබන 2 වන අවධාරණය වනුයේ සිය රාජකාරි වේලාව තුල නගර සභාව තුලට අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ මහනගර සභාවේ මාසික රැස්විම වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට මරාන්තික පොලු ප්‍රහාරයක් එල්ල කළ සුළු සේවකයෙකුට නැවත රැකියා ලබාදෙන්නට නාගරික කොමසාරිස්වරයා කටයුතු කර තිබුනේ  කෙසේද යන්නයි.

නඩුවක් අවසානයේදි හෝ පොලිස් පරික්ෂණ අවසානයේදි හෝ ඔප්පු වන තුරු බලා සිටිමට අවැසි නොවන  මරාන්තික වැරදි කිපයක් මේ සේවකයා විසින් සිදුකර ඇති බව ඉතා පැහැදිලිය.

තතු එසේව තිබියදි අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වා මෙසේ විනය විරෝධි කටයුතු රැසක් සිදුකළ සුළු සේවකයෙකු නැවත කිසිදු ලැජ්ජාවකින් තොරව සේවය ලබා දි ඇත්තේ කෙසේද යන්න යහපාලන රජයේ බලධාරින් විසින් ලොවටම ප්‍රකාශ කර සිටි යුතුවේ
පසුගිය පලාත් පාලන මැතිවරණයෙදි මිගමුවේ කොට්ටාශ 29 න් 19 ක්  ජයගත් එජාපය මිගමුවේ ජෙකාට්ටාශ වලින් තුනෙන් දෙකක්ම ජයගෙන තිබුණි.
එහෙත් ජනමතයට එරෙහිව කළු සල්ලි ක්‍රියාත්මක විය.
එහි ප්‍රථිපලයක් ලෙසින් ජනමතයෙන් පැරදුන අයෙක් දැන් මිගමුවේ නගරාධිපතිවරයා වි ඇත.
මේ සියළු මජර ක්‍රියාවලට සම්බන්ධ ලංස පවුල දැන් යළිත් මීගමුවේ සමස්ත ජනයාගේම ජනවරමක් නැතිවු වුවද සල්ලි බලනේ බලය ගෙන  මීගමුව පාලනය කිරිමට පටන් ගෙන තිබේ.
මොසෙස් දයාන් ලංසා යනු මිගමුවේ 18 වෙනිදා නගරාධිපතිවරයාය.
මාධ්‍යවේදින්ට පවා මාරාන්තික ප්‍රහාරයක් නගරය සභා භුමිය තුලදිම එල්ල කළ මැරයෙක් නගරාධිපතිව සිටින මීගමුව ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
එපමණක් නොව නගර සභාවේ ලේකම් වරියට කුණු හරුපයෙන් බැන රෝහල් ගතවන්නට තරම් ආතතියක් නිර්මාණය කළ කෙනා වන්නේ ද දයාන් ලංසාය.
ඉන් නොනැවතුන ඔහු මෙන්ම ඔහුගේ ගෝල මැරයන්ද විවිධ අවස්ථාවලදි රාජ්‍ය නිළධාරින් හට විවිධ අඩම්තේට්ට්ම් සිදුකර තිබේ.
පුුංචි රෝමය යැයි විරුදාවලිය ලත් මිගමුව පාලනය කරන ප්‍රධාන පුරවැසියා සැබැවින්ම මැරයෙකි.මුස්ලිම් ජාතිකයන් ඇතුළුව සුලු ජාතින් හට විවිධ හිරිහැර සිදුකරන ලද මිනිවරු රාජපක්ෂ රෙජිමයේ මිගමු නියෝජිතයාය.
මෙවන් මැරයන් ආසිරි ගන්වන්නට යන එන ආගමික නායකන්ගෙන්ද අපට අසන්නට ඇත්තේ ඔබලාටත් දැන් සතුටුුදැයි කියාය.

 

dav

dav

davdavdavdavdavdavdav

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article