spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජේෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ නීතිඥ සංගමයේ නිලවරණයට සූදානම් වෙයි.

Must read

Lokuge 12019/2020 කාල පරිච්ඡේදය සඳහා පැවැත්වීමට යෝජිත නිලවරණයෙදී  ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුර සඳහා තමන් ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව ඡේෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ මහතා සඳහන් කරයි.
 ඡේෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ දිවයිනේ සෑම මුල් අවස්ථා  අධිකරණයකම පාහේ වෘත්තීය කටයුතු වල නිරතව ඇති අතර අභියාචනා අධිකරණ තුළ අපරාධ හා සිවිල් නඩු කටයුතුවල වසර 30 කට ඉතා ආසන්න කාලයක් නියැලීම තුළින් අත්දැකීම් සම්භාරයක්  සහිතය.
එසේම ඔහුට  ශ්‍රි ලංකා නීතිඥ සංගමය සමග ඉතා කිට්ටු සහ අඛන්ඩ සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 2010-2012 කාලය තුළ, ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙසටත්ල වර්ෂ 2006-2007කාලය තුළ එහි කලාපීය උප සභාපති ලෙසටත්ල වර්ෂ 2003-2005 කාලය තුළ එහි භාණ්ඩාගාරික ලෙසටත්ල අඛන්ඩව වසර 28 ක් පමණ එහි නීතිඥ නියෝජිත මහා මණ්ඩලයේ නියෝජිතයකු වශයෙනුත්, වසර 15 ක කාලයක් එහි විධායක කමිටු සාමාජිකයකු ලෙසටත් පත්ව කටයුතු කිරීමට අවස්ථාව හිමිව ඇත.
තවද එම කාලය තුළ ල නිති-නීති උගෙනුම කමිටුවල නීතිඥ වෘත්තියේ නිපුනතා සංවර්ධන කමිටුවල සමාජ හා සුභසාධක කමිටුවල නීතිඥවරුන් හා පොලිස් සබඳතා කමිටුවල දිනපොත් කමිටුවල නීති-රඟ කමිටුවල නීතියේ ආධිපත්ය කමිටුවල කොළඹින් බැහැර නීතිඥ සංගම් සඳහා වන කමිටුව යන කමිටුවල සභාපති ලෙසද ඒ මහතා  කටයුතු කර තිබේ.
තවද   ඡේෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ    ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සහ කොළඹ නීතිඥ සංගමයේ විවිධ තනතුරු හොබවමින් සිය  නිල කටයුතුල අවංකභාවය ප්රමුඛ කර ගනිමින් විනිවිදභාවයෙන් යුතුව සිදු කරන ලද බවත් සියළු කාලයන්හි දී පක්ෂ දේශපාලනයෙන් තොරවල අපක්ෂපාතීවල  සේවය කරන ලද බවත් ප්රසිද්ධ කාරණයකි.
නීතිඥ සංගමයේ නායකයකු වන අයෙක් විසින් නොකළ යුතු කවර ආකාරයේ වුවද ක්රියාවක නිරත වීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති අතර  වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලිකවත් චරිතවත් නීතිඥයකු ලෙසද හේ ප්රකටය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article