spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිපුර මාධ්‍යවේදියාට තර්ජනය කොට කැමරාවේ ඡායාරූප මකාදැමු පුරපති මැරයෝ තාමත් නිදැල්ලේ !

Must read

Dayan කපිල(11.50 am ) මිගමුව පෙරියමුල්ලේ අද සිදුවු අනවසර ඉදිකිරිමක් ඉවත් කරන්නට  නගර සභාව කටයුතු කරමින් සිටියදි එය වාර්ථා කිරිමට ගොස් සිටි මිපුර වෙබ් අඩවියේ වාර්ථාකරු සැම්සන් ඥානසිරි මහතාගේ කැමරාව රැගෙන එකි සිදුවිමට අදාල ඡායාරූප සියල්ලත් තවත් ප්‍රවෘත්තිමය වැදගත්කමක් ඇති ඡායාරූපද මෙසේ මකා දමා ඇත.
මේ මැර මෙහෙයුමට නායකත්වය දි තිබුනේ මිගමුව පුරපති දයාන් ලංසාගේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන කටාන ප්‍රදේශයේ පදිංචි කපිල කෝරලගේ නැමැත්තෙකි.
මෙයට අමතර තවත් පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍යයට එල්ල කරන  ලද මේ නිහින මැර ක්‍රියාව ගැන පසුගිය සිකුරාදා පොලිස් පැමිණිලි 2 ක් සිදුකර තිබුණි.FG at Police 2
මේ සිදුවිම ගැන  විමසා සිටි මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා කියා සිටියේ මාධ්‍යවේදින්ට තර්ජනය පිරිස එරෙහිව පැමිණිල්ල වහාම විභාග කිරිමට පියවර ගත යුතු බවය.
අනවසර යැයි කියමින් මේකර තිබෙන ඉවත් කිරිමේ මෙහෙයුමේදි මහජන මුදලින් පඩි ලබන මැරයන් පිරිසක් මෙහි සිට ඇති අතර මේ අය විසින් එහි සිටි කාත්තාවන්ට විවිධ හිරහැර කිරිම් පිළිබදව මේ වන විට පොලිසිට පැමිණිලි ලැබි තිබේ.
මේ සිදුවිම වන ස්ථානයේ සිට ඇති එකම මාධ්‍යවේදියා වුයේද මිපුර මාධ්‍යවේදියාම පමණි. මේ පසුබිම යටතේ නගරාධිපති මාධ්‍ය අංශය විසින් ගෙන තිබුණ ඡායාරූප සහ විඩියෝ පට මිගමුවේ සිටින මුදල් වලට පමණක් පක්ෂපති ඇතැම් මාධ්‍යවේදින් හරහා රාජපක්ෂලාට ගැති මාධ්‍ය තුලින් ප්‍රචාරය කරමින් පුරපති විරයෙකු කරමින් තිබේ.
මේ නිසාම ඇත්තටම එතන සිදුවු තවත් සිදුවිම් අවාරණය කර තිබුණ අපේ කැමරාකරුගේ ඡායාරූප මෙසේ මකා ද දමා තිබුණි.

ඔහු විසින් එම අවස්ථාවේදිම එහි සිටි උසස් නිළධාරියෙකු හට මේ වගකිම පැවැරිමටද පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් සිදුවිමට දැන් දැන් දින 2 ක් පිරෙමින් තිබුණද මේ වන තුරුත් පුරපති ලග සිටින මිගමුවේ බදුගෙවන ජනතාවගේ බදු මුදල් වලින් පඩි ලබන මැරයන් පිරිස මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන තිබුනේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article