spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෑට බතට අපි කොහෙදෝ ලගින්නේ?

Must read


urban poor event 2මීගමුව ඒකාබද්ධ ජනතා සංවිධානය ලෙස තමන්ගේ ඉඩම් සහ නිවාස ගැටලුව විසදා ගැනීමට ඒකරාශී වන්නට මීගමුවේ ඉඩම් සහ නිවාස නොමැති ජනතාවට මුල් උත්තේජනය ලැබෙන්නේ 1980 නත්තල් දිනට පසුවදා මීගමුව මහාවිදියේ අනවසර ධීවර පැල්පත් පේලිය ගින්නෙන් මුලුමනින්ම විනාශවී යාමත් සමගය.
ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා
එවකට මහාවීදීය කතෝලික දේවස්ථානයට තම දුක කියා ගෙන පැමිණී විපතට පත් තම මීසම්වාසී ජනතවට උදව් කරන්නට දේවස්ථානයේ ප්‍රධාන පාලක පියතුමාට හැකියාවක් නොතිබුනත් මේ පීඩාවට පත්ව සිටි ජනතාවගේ උනන්දුව සහ ශක්තිය ගැන එම දේවස්ථානයේ සහයක පියතුමකු ලෙස සේවය කල ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා හොදින් අවබෝධ කරගත්තේය.ජනාවබෝධ කේන්ද්‍රය
ගිනිගෙන විනාශවී ගිය නිවාස නැවත ගොඩනැගීම පමණක් නොව මීගමුවේ සමස්ත ඉඩම් සහ නිවාස නොමැති ජනතාවම සංවිධානය කර ඒකරාශී කරන්නට උන්වහන්සේ කටයුතු කරන්නේ තවත් සැබෑ ප්‍රජා නායක නායිකාවන් කීපදෙනෙකු සමග අත්වැල් බැඳගෙනය. මේ සදහා මීගමුව දිසාවේ ගරු පූජක තුමන්ලාගෙන් නොමද සහයෝගයක් ලැබෙන අතර මේ ප්‍රජා නායකත්වය “මීගමුව ජනාවබෝධය” ලෙස කණ්ඩායම් ගතවේ.

ජනතාව බලගැන්වීමට වසර හතලිහක්
ජනතාවගේ ශක්තිය ජනතාව විසින්ම අවබෝධ කරගන්නා ෆවුලෝ පියරේගේ වැඩිහිටි අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙල ජනාවබෝධය ආරම්භ කරයි.
අද එම වැඩපිළිවෙළට වසර හතලිහකට ආසන්න කාලයක් ගතවුනත් ඉඩම් සහ නිවාස නොමැති විශාල සංඛ්‍යාවක් තවමත් මීගමුවේ ජීවත්වෙති.
තමන්ටම යැයි කිව හැකි ඉඩමක් සහ නිවසක් ඇති ජනතාවක් සිටියද, එසේ නොමැති සංඛ්‍යාව බොහෝය.
ඔවුන් තවමත් ” රෑට බතට අපි කොහෙදෝ ලගින්නේ ” යැයි මොර දෙති.

ජනතාව රවට්ටන දේශපාලන නායකත්වය
මීගමුවේ ඉඩම් සහ නිවාස ප්‍රශ්නයට විසදුම් නොදීම මීගමුව පාලනය කල දේශපාලන නායකත්වය විසින් සිතා මතාම කල දෙයක් ලෙස දැක්විය හැක. මක්නිසාදයත්, දේශපාලකයින් මීගමුවේ ඉඩම් නිසිලෙස කලමනාකරනය කලේ නැත. වෙළද ව්‍යාපාරික කටයුතු සදහා විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය සහ වෙළද කටයුතු සදහා ඉඩම් වෙන්කෙරුවා මිස ජනතාවට ජීවත්වීමට අවශ්‍ය නිවාස ලබාදීමට නිවැරදි ඉඩම් සහ නිවාස ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමට ඔවුන් හිතාමතාම මග හරින ලද්දේ බලයට පැමිණීමට මැතිවරණ සමයේ ජනතාවට ලබාදෙන්නට ඡන්ද පොරොන්දුවක් තබා ගැනීමටය. ඔවුහු අසරණ මීගමු ජනතාව සැමදා රැවටුහ.

ප්‍රතිපාදන අසාර්ථක ව්‍යාපෘති වලට
මීගමුවේ යටිතල පහසුකම් සදහා යැයි කියමින් මීගමුවේ කානූ පද්ධතිය සහ බස් නැවතුම් පොළ වැනි අසාර්ථක ව්‍යාපෘති වලට ආයෝජන කිරීමට දේශපාලකයින්ට ඕනෑතරම් ප්‍රතිපාදන තිබුනි.
වැඩිවන ජනගහනයට සරිලන නිවාස මීගමුවේ ඉදිවුයේ නැත. කුඩා ඉඩම් ප්‍රමාණයක වැඩි නිවාස ප්‍රමාණයක් ඉදිකල හැකි තට්ටුනිවාස සංකල්පය ගැන අබමල්රේනුවක තරම් හෝ අවබෝධයක් මීගමුව පාලනය කරන මේ ඔලමොට්ටල දේශපාලකයින්ට නැත.
එබැවින් මීගමුව ඒකාබද්ධ ජනතා සංවිධානය ලෙස තවදුරටත් මේ අරගලයේ නිරතවීමට මීගමුවේ ඉඩම් සහ නිවාස නොමැති ජනතාවට සිදුව ඇත.

බලාපොරොත්තුවේ එලියක්
පසුගියදා ලෝක ජනාවාස දින සැමරුමේදී මේ ජනතාව දහස් ගනනින් එකට එකතුවූයේ තමන්ගේ ඉඩම් සහ නිවාස ලබාගැනීමේ සටන තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමටය.
මෙම වැඩසටහන තුලින් ඔවුන්ගේ බලාපොරොත්තුවලට කිසියම් කොළපාට එලියක් ලැබුණු බව කිව යුතුය. එදින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නිවාස සංවර්ධන අධිකාරියේ ජේෂ්ඨ උපදේශක සුසිල් සිරිවර්ධන මහතා මේ ජනතාවට හොද මගපෙන්වීමක් ලබා දුන්නා පමණක් නොව මීගමුව ඒකාබද්ධ ජනතා සංවිධානය නොමැතිව මීගමුවේ ඉඩම් හා නිවාස ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කිසිම දේශපාලන බලධාරීයකුට අයිතියක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙතෙක් කලක් කරන ලද අරගල වලින් ලද ජයග්‍රහණයන් ගැන සතුටුවන අතර ඉදිරියේදී ලබාගත යුතුව ඇති ජයග්‍රහණ වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට සියල්ලෝම ශක්‌තිමත් විය යුතුව ඇත.

අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article