spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඥානසාර හිමිගේ පක්ෂයේ ලේකම් හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
අගෝස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලබන 20 වෙනි දින

පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීමට නියමිත නමුත්, ඇතැම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් වී නැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් විසිනව දෙනකු නම්කළ යුතුව ඇති නමුත් තවමත් සිය මන්ත්‍රීවරුන් නම්කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පමණයි.

විශේෂයෙන්ම ‘අපේ ජන බල පක්ෂය’ට හිමි වූ පිළිබඳව අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මැතිවරණයට තරඟ කළේ එම පක්ෂයෙනි.

 

නම් දෙකක් !

කෙසේ  නමුත් ඥාණසාර හිමියන් ඇතුළත් වූ අපේක්ෂක ලැයිස්තුව දෝෂ සහිත යයි පවසමින් මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුන නමුත් පක්ෂයට ලැබුන ඡන්ද ප්‍රමාණය සලකා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ‘අපේ ජන බල පක්ෂයේ’ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් තමාගේම නම ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහා යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යැවූ දා පටන් උන්වහන්සේ අස්ථානගතව ඇති බවය.

මේ අතර ලේකම් හිමියන් වෙත ලිපියක් යොමු කරන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, අපේ ජනබල පක්ෂය විසින් වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් පදවියෙන් ඉවත්කරනු ලැබ වෙනත් තැනැත්තකු මන්ත්‍රී පදවියට නම්කර ඇති බව දැනුම් දී ඇති හෙයින් එම නීතිමය ගැටළු නිරාකරණය කරගන්නා තෙක් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ගැසට් නොකරන බව සඳහන් කර තිබුණි.

EC letterමැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ නිවේදනය

විමලතිස්ස හිමියන් මන්ත්‍රී ධුරය සඳහා තමන්ගේ නම ඉදිරිපත් කර තිබියදී එහිමියන් මහ ලේකම් ධුරයෙන් ඉවත්කර මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ නායක/ සභාපති සමන් පෙරේරා නම් කළ බව පවසමින් තවත් ලිපියක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසම යොමු කළ ලිපියේ දැක්වේ.

 

අතුරුදන් යැයි පැවසෙන ලේකම් හිමිනම මාවනැල්ලේ !

‘අපේ ජන බල පක්ෂයේ’ ලේකම් හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි 119 දුරකථනයට පණිවුඩයක් ලැබීමෙන් පසු විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායමක් මාවනැල්ල ප්‍රදේශයේ නිවසකට ගොස් පරීක්ෂා කළ නමුත් ඒ හිමියන් එම ස්ථානයේ නොසිටි බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසීය.

උන්වහන්සේ මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ නිවසකට වැඩම කර ඇති බවට ලැබුන තොරතුරක් මත ප්‍රාදේශීය වාර්තාකරුවන් එම ස්ථානයට ඊයේ (10) රාත්‍රියේ ගොස් ඇති අතර, නමුත් උන්වහන්සේ එම ස්ථානයේ නොසිටි බව අනාවරණය විය.

අපේ ජනබල පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලේකම් හා එහි අපේක්ෂකයෙකු ද වූ ඒ.ඩී.වසන්තට අයත් නිවසට උන්වහන්සේ වැඩම කර සිටි බව මෙහිදී අනාවරණ විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත පවසා සිටියේ, වේදිනිගම හිමියන් එම ස්ථානයට වැඩම කළ බවය. ස්වාමින් වහන්සේ කලබලයෙන් එම ස්ථානයට පැමිණි බවත්, තමාට තර්ජනයක් ඇති බවක් පැවසු බවත් ඔහු කියා සිටියේය.

“හාමුදුරුවෝ පස්සේ ජිප් එකකින් පන්නනවා කිව්වා. දෙපාරක් තුන්පාරක් පිරිසක් ඇවිත් හාමුදුරුවෝ අල්ල ගන්න උත්සහ කරලා තියෙනවා. හාමුදුරුවෝ බලෙන් පැනලා ඇවිත් තමා මගේ ළඟට ආවේ.“

“උදේ 8.30ට විතර හාමුදුරුවෝ ආවා. ඊට පස්සේ 119 ගැහුවා කියලා පොලීසියෙන් ඇවිත් ගෙදර පරීක්ෂා කරා. ඒ වෙලාවේ හාමුදුරුවෝ හිටියේ නැහැ. හාමුදුරුවෝ එන්න කලින් පොලීසිය ගෙදර ඉස්සරහා හිටියේ නමුත් හාමුදුරුවෝ අල්ල ගත්තේ නැ ඒ වෙලාවේ…“

“හාමුදුරුවන් පිටත් වුණා මෙතෙන ආරක්ෂාවක් නෑ කියන පදනමෙන්. යම්කිසි විදියකින් බලගතු කෙනෙක් මේ ප්‍රශ්නය විසඳා ගන්න මැදිහත් වෙනවා නම් මට මැදිහත් වෙන්න පුළුවන්. ඕන වෙලාවක හාමුදුරුවෝ එක්ක කථා කරන්න පුළුවන්. කවුරුහරි, හාමුදුරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා නම්… “ යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීකමට සුදුස්සා මමයි – වේදෙනිගම විමලතිස්ස හිමි කියයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඥානසාර හිමියන් සහ රතන හිමියන්ට පසු ඉහළම සුදුසුකම් ඇත්තෙ තමාට බවත්, එකී මන්ත්‍රී ධූරය හිමිකරගන්නේ එමගින් ලැබෙන වරදාන වරප්‍රසාද ලැබීමේ අරමුණින් නොවන බවත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කරුණු අනාවරණය කරන එම පක්ෂයේ හිටපු වැඩබලන ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමියන් පවසා සිටී.

(උපුටා ගැනීම් – BBC සිංහල සේවය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article