spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටෙන්ඩර් ක්‍රියාදාමය පළාත් පාලන නීතියට පටහැනියි -කොමසාරිස් විරුද්ධ වෙයි

Must read

5පලාත් පාලන ආයතන වල කාලය ඔක් 15 වෙන් අවසන් විමට නියමිතව තිබු බැවින් මීගමුව මහනගර සභාව විසින් කඩිමුඩියේ සම්මත කරගත් ටෙන්ඩර ක්‍රියාපටිපාටිය පළාත් පාලන නීතියට පටහැනි බැවින් නාගරික කොමසාරිස්වරයා එරෙහි වි ඇත.
ගෙවෙන වසර 4 ක නගර සභා කාලය තුල කොමසාරිස් වරයෙකු තිරාණාත්මක ලෙසින් දේශපාලන අධිකාරියට එරෙහි වු පළමු අවස්ථාව මෙය විය හැක.
එය එසේ වුයේ ඔක් 15 වෙනිදායින් පසු දේශපාලන අධිකාරියේ බලය අවසන් වන්නට නියමිතව වු බැවිනි.
එහෙත් දැන් සියල්ල වෙනස්ව ඇත.
එ යළිත් දේශපාලන අධිකාරය සිය බලඅධිකාරිය පතුරුවන්නට පටන්ගෙන ඇති බැවිනි. එනම් මේ වසර අග දක්වා පළාත් පාලන ආයතන කිහිපයක කාලය රජය විසින් දිර්ඝ කර ඇති නිසාවෙනි.
කෙසේ වෙතත් නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු සදහන් කර සිටියේ මෙහිදි සම්මත කරගත් ඇතැම් ටෙන්ඩර 10% හෝ 15% වශයෙන් සම්මත කරගෙන ඇත්තේ මීට පෙර විධිමත්ව ටෙන්ඩරයක් ඉල්ලා හෝ දැනට ටෙන්ඩරයක් ක්‍රියාත්මක හෝ කරමින් නොතිබෙන පුද්ගලයන්ට බවය.
මෙය එහෙම පිටින්ම පලාත් පාලන නීතියට පටහැනි බැවින් කොමසාරිස්වරයා අනිවාර්යෙන්ම විරුද්ධ විය යුතුව තිබුන බවද ඔහු අවධාරණය කර සිටියේය.
පසුගිය දිනක නාගරික කොමසාරිස්වරයා හා නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අතර පැවැති අනුමත වු ටෙන්ඩර් අවංලගු කිරිම පිළිබදවය නාගරික කොමසාරිස්වරයා විසින් ගත් තින්දුව ගැන වු සාකච්ජාවට සියඵම නාගරික මන්ත්‍රිවරුන් පැමිණ සිටියේ නැති බවද වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article