spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගල්පරයක හැපුණු බෝට්ටුව විනාශයි. ධීවරයෝ දිවි ගලවා ගනිති ….

Must read

බෝට්ටු 1බෝටටු 2මුහුදු ගොස් වෙන්නප්පුව සින්දාත්‍රිය සුනාමි මෝය කටින් ගොඩබිමට ඒමේදි පෙරේදා 16 රාත්‍රි ධිවර බෝට්ටුවක් මෝයකටේ තිබෙන ගල් පරයක ගැටි සම්පුරණයෙන්ම විනාශ වි එහි සිටි ධිවරයන් අනු නමයෙන් දිවි බේරාගෙන තිබේ.
මෙලෙස අනතුරකට ලක් වි ඇත්තේ සින්දාත්‍රි ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙක් වන වර්ණකුලසූරිය ෂෙල්ටන් කුරේරා හා ඇන්ටනි කුරේරා යන අයගේ බෝට්ටුවකි.
16 වෙනිදා සවස මුහුදේ රැකියාවට ගොස් මසුන් මරා නැවත ගොඩබිමට ඒමේදි ගිංඔය හා මා ඔය මුහුදට වැටෙන මෝය කටින් ගොඩබිමට ඒමේදි රාත්‍රි 9 ට පමණ මෙම අනතුර වි ඇති අතර බෝට්ටුව ගල් පරයේ වදිනවත් සමග එහි සිටි සහෝදරයන් දෙදෙනා මුහුදට වැටීම නිසා තමන්ගේ දිවි බේරුණු බව එම ධිවරයන් පවසයි.
මෙම අනතුර පිළිබඳව අදහස් දක්වන ෂෙල්ටන් කුරේරා මහතා ……”අපි ගොඩාක් දවස් වලට මුහුදු යන්නේ මේ සුනාමි මෝය කටින් අපිට මේක පුරුදු තැනක් මමයි මගේ සහෝදරයයි තමා මේ බෝට්ටුවේ යන්නේ අපි 16 වෙනිදා සවස සෙක්කල් වලට ගියා රැ 9 ට විතර අපි ගොඩබිමට එන්න අවා එතකොට පොඩ්ඩක් වැහි ගතියක් තිබුණා අපි මෝය කටින් ගඟට බෝට්ටුව ගන්න ලැස්තිවෙනවත් සමගම අපේ බෝට්ටුව ගල් පරය පැත්තට වේගෙන් ඇදි ගියා අපිට හිතා ගන්න බැරුව ගියා මොකක්ද වුනේ කියලා අපිව මූදට විසි වුනා අපිවත් බෝට්ටුව එක්ක ගල් පරයේ වැදුනා නම් අපේ ජීවිතත් නැති වෙන්න තිබුණා අපිට අන්ධකාරේ මොකුත් පෙනුනේ නැ අපි දෙන්නා පීනගෙන ගොඩට අවා අපට සුලු තුවාල වෙලා තිබුණ…………
එත් දැන් අපිට ජීවත් වෙන්න තිබුණ ජීවන මාර්ගය නැති වුනා”

වර්ණකුලසූරිය ඇන්ටනි කුරේරා මහතා – ”අපේ බෝට්ටුව හා දැල් ආම්පන්න සියල්ල අපිට නැති වුනා ලක්ෂ දෙකහාමාරක් විතර වෙනවා මේ සියලුම දේ වල වටිනාකම අපේ ජීවිත බේරුණේ හාස්කමකින් වගේ එත් දැන් අපිට ජීවත් වෙන්න මාර්ගයක් නැ මෙතන නිතරම අනතුරු වෙන තැනක් මීට පෙරත් මෙතන අනතුරු වෙලා තියෙනවා මුහුදු වෙරළ දිගටම ගල්වැටි දාලා නිසා මෝය කටින් ගඟට දාලා තමා අපිට බෝට්ටු නවත්වන්න වෙලා තියෙන්නේ අපි මේ ගැන වගකිව යුතු නිළධාරින්ට කීවා අපිට සහනයක් ලබා දෙයි කියලා විස්වාස කරනවා”
බෝට්ටු 3බොටටු 4

 සටහන සහ ඡායා- චන්දන ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article