spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු අඩුවෙන ලකුණු ?

Must read

denguward 2

මීගමුව රෝහලේ බරපතල ප්‍රශ්ණයක් ලෙස පැවති ඩෙංගු රෝගීන්⁣ගේ ප්‍රමාණය මේ වනවිට අඩුවෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි . පසුගිය දිනවල රෝගීන් සංඛ්‍යාව 240ද ඉක්මවා ගිය අතර මේ වනවිට එම සංඛ්‍යාව 150 ට වඩා අඩු මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
පවතින දේශගුණික සහ කාලගුණික තත්වයන් අනුව ඩෙංගු මදුරුවා ජීවත්වන පරිසරය වෙනස් වන බවපෙනේ. පසුගිය වැසි සමයන් හිදි පාලනයකින් තොරව ඩෙංගු පැතිරෙ ගොස් තිබුනේ වැල්ලිවිදිය සහ දළුපත ඇතුළු ප්‍රදේශයවලය.
මෙසේ පිමි පනිමින් මීගමුව තුලවර්ධනය වු ඩෙංගු රෝගය නිසා මෙන්ම අවට ප්‍රදේශ වලින්ද රෝගින් මිගමුව රෝහලට පැමිණිම නිසාම රෝහල් කාර්ය මණ්ඩලයට පවා ඔරොත්තු නොදෙන අන්දමේ ඩෙංගු රෝගින්ගෙන් මිගමුව පිරි යමින් තිබුණි.
ඩෙංගු රෝගින් ජිවිත අවදානේම නොහෙලා පවතින තත්වයට මුහුණ දිමට හැකි වන අයුරනින්  කාර්‍යමණ්ඩලයේ හිඟයට කිසිදු විසඳුමක් ලබාදීමට බලධාරීන්ගේ අවධානය මේ දක්වාම යොමු නොවිම සැබැවින්ම කණගාටු දායකය.
මේ තත්වය සහ වෙනත් හේතු මත රෝගීන් 14 කගේ ජීවිත අහිමි විය . .
විශේෂයෙන් අවසානයේ ඩෙංගු වැඩිම ප්‍රදේශය ලෙස සලකුණු වූයේ වැල්ලවීදිය ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිංහල පාසැල අසල මාස 4 ක කුඩා දරුවෙකුද මියගියේ මේ අතර තුරදීය. |
මේ බිළිදා මිය නිවෙස අවට පවුල් 15ක් පමණ ජීවත්වන අතර මේ සෑම පවුලකටම ඩෙංගු වැලඳී තිබුණි. .
අඩු පහසුකම් මැද ජීවත්වන මෙම ජනතාවගේ පරිසරය ඩෙංගු මදුරුවාට හොඳ නිවහනකි. මෙම නිවාස ඉදිරිපිට කානුවක් තිබෙන නමුත් එමගින් වතුර බැස යාමට තැනක් නැතවිමටද බරපතල තත්වයකි.
කෙසේ වෙතත් මෙවර වැඩිම ඩෙංගු රෝගින් ගණකට ජිවිත අහිමි කරන්නට තරම් වන ලෙසින් ඩෙංගු බහුලව පැතිර දෛවයේ සරදම වන්නේ මිගමුවේ ප්‍රධාන  පුරවැසියාගේ උපන්ගමද වැල්ලවීදියම විමයි..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article