spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තරුණයන් ඇගයු සුදර්ශණි සහ තරුණයන්ගෙන් ගොඩයන්න හැදු දයාන් !

Must read

sudarshani 1මීගමුවේ තරුණයන් විසින් රෝහල් තාප්පය හැඩකරමින් සිතුවම් ඇන්දේ ස්වේච්ජාවෙනි.එහි පැමිණි බහුරතයක් දෙනා හැදින ගන්නේද එදිනමය.
ඉන් කියැවෙන්නේ මෙය එහෙම පිටින්ම ස්වාධින තරුණ තරුණයන්ගේ නිදහස් තෝරාගැනිමක් බවය.
එහෙත් ඒ මැද්දට කඩාපැන්න දායන් ලංසා නම් දේශපාලකයා තරුණයන්ගේ මේ මහන්සිය සැබැවින්ම හෑල්ලුකරමින්  එය  තමන්ගේ වැඩක් බවට එය පත්කරගන්නට ගත්ත උත්සාහ කර තිබිම සැබැවින්ම නිහිනය.
මේ කටයුත්ත සදහා බොහෝ දෙනෙකු විවිධ අයුරින් උපකාර කොට තිබුණි. එහෙත් ඒ කිසිවෙකුත් ඒ ගැන කියමින් ඇඩ් දාගැනිමට උත්සාහ කලේ හෝ සිය මුහුණු පොත හරහා ලකුණු දාගන්නට ගියේ නැත.
තතු එසේව තිබියදි දායාන් ලංසා නම් වු දේශපාලකයා සිය මුහුණු පොතේ ලියා තිබුනේ මේ කටයුත්තට අවශ්‍ය සියලුම දේ නගර සභාව විසින් ලබාදුන් බවය.දයාන් ලංසා විසින් තවත් බරපතල වැරැද්දක් කර ඇත.මේ තරුණයන් චිත්‍රයට නගන්නේ මිගමුවේ අසිරිය පමණි. එය සැබැවින්ම අගනේය.එහෙත් දායන් ලංසාගේ මුහුණු පොතේ ඇත්තේ යුධකාමි රණකාමිත්වය ගැන පින්තුරයකි.දයාන්ගේ මනසේ තරම සහ තරුණයන්ගේ දියුණු මානසිකත්වය යළිත් වරක් තහවුරුකර දි ඇත.Screenshot_20191207_171715
දයාන් පැත්ත පලාතකවත් නැතිව සිටියදි කැල්ටන් සමුහ ව්‍යාපාරය මේ කටයුත්තට අවැසි තීන්ත ලබාදිමට හැකි අයුරින් සහය දි තිබුණ බව අප ඉතා හොදින් දනිමු.
එසේම තවත් අය තින්ත වලට මෙන්ම තවත්  බොහෝ දේ සදහා අතදිගහැර සහය දි තිබුණි.මේ සියලු දෙනාගැනම මේ තරුණ කැල නම් වශයෙන්ම සදහන් කරමින් සිය ස්තුතිය පළ කර තිබෙන බවද වාර්ථා වේ.
තතු එසේව තිබියදි තමන්ගේ සහ නගර සභාව සියල්ල සැපයුවා යැයි කිමෙන් කරඇත්තේ කුහකම ප්‍රකාශයකි.දේශපාලකයෙකු දයාන් ලංසා කොයිතරම්  පටු අදහස් ඇති අයෙකුදැයි වඩාත් හොදින් වැටහෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි සුදර්ශණි මේ තරුණයන්ට සිය ප්‍රණාමය පළකරමින් ඔවුන් දිරිමත් කරමින් සිදුකරන්නට යෙදුන නිහඩ දායකත්වය ගැන සසදා බැලිමේදිය.sudarshani FB
.ඇයද තින්ත මිළදි ගැනිමට උපකාරයක් ලෙසින් නිහඩව ඇගේ දායකත්වයද සපයා තිබුණ බවද වාර්ථාවේ. එහෙත් ඇය ඒවා මුහුණු පොතේ ලියන්නට ගියේ නැත.
දයාන් ලංසාගේ සහ සුදර්ශණිගේ වෙනස එයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article