spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවමත් වැඩිම කොරෝනා රෝගින් කොළඹින් ?වැඩිහිටි නිවාසයකිනුත් 45 ක් !

Must read

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 618ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම පිරිස 241ක් වන අතර, කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හා ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙක් බොරැල්ලෙන් වාර්තා වී ඇත.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් 30ක්, කොම්පඤ්ඤවීදියෙන් 28ක්, වැල්ලවත්තෙන් 27ක්, මට්ටක්කුලියෙන් 23ක්, මරදානේ 17ක්, බ්ලූමැන්ඩල් 16ක්, දෙමටගොඩ 8ක්, වැල්ලම්පිටියෙන් හා දෙහිවලින් 5ක්, රත්මලාන, මොරටුව, කොල්ලුපිටිය හා කිරුළපනින් ආසාදිතයින් 4 බැගින් ද , අලුත්කඩේ, අඟුලානෙන් හා හංවැල්ලෙන් ආසාදිතයින් තිදෙනා බැගින් ද , පුවක්පිටිය, ගල්කිස්ස, කළුබෝවිල හා ගොතටුවෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද, කුරුදුවත්ත, අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මහර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

ඒ ආසාදිතයින් 44ක් ලෙසය. මීට අමතරව වේයන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙක් ද වාර්තා වී තිබේ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලැබු සමස්තය 27,552කි.

කොවිඩ් මරණ 171ක් ලෙස වාර්තා වේ. 

මේ අතර මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ 98දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අතුරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article